බොරලැස්ගමුව ජනතාවගේ සෞඛ්‍යය රැකගන්න නගර සභාවෙන් මිලියන 29ක්

බොරලැස්ගමුව ජනතාවගේ සෞඛ්‍යය රැකගන්න නගර සභාවෙන් මිලියන 29ක්

බොරලැස්ගමුව නගර සභාව මේ වසරේ දී වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ බල ප්‍රදේශයේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීමේ කටයුතු වෙනුවෙනි.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 29.13ක් යැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති කේ.ඩී අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.

සෞඛ්‍ය වැඩසටහන්වලට සමගාමීව රෝග වැළැක්වීමේ සේවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් ද වෙන්කර ඇතැයි අරුණ ප්‍රියශාන්ත මහතා කීවේය.

ආයුර්වේද බෙහෙත් මිලදී ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන රුපියල් 140000.00 ට අමතරව රුපියල් ලක්ෂ 5ක් ද, සේවක වේතනයක් ද සහිතව පොදු පරිපාලන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 26.08ක මුදලක් වෙන් කිරීමටත් නගර සභාව කටයුතු කර ඇති බවද සභාපතිවරයා කීය.

ඒ හැර බල ප්‍රදේශයේ පිහිටි මාර්ග හා කානු පද්ධති ඉදිකිරීම් හා නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 16.05ක් වෙන් කර තිබෙන බවත් ප්‍රිමික්ස් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 02ක් ද සේවක වේතනයන් ද ඇතුළුව රුපියල් මිලියන 7.04ක ප්‍රතිපාදනයක් විදී පහන් නඩත්තු කිරීමේ කටයුතු සඳහා වෙන්කර ඇති බවත් සභභාපතිවරයා පැවැසීය.

බොරලැස්ගමුව නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සභා රැස්වීමේ දී නගර සභාවේ 2013 වසර සඳහා වූ අයවැය කෙටුම්පත ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ කරනු පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා