මහර අඹගස්පිටිය මහ විදුහලේ නවීකරණය කළ ගොඩනැගිලි සිසු අයිතියට

මහර අඹගස්පිටිය මහ විදුහලේ නවීකරණය කළ ගොඩනැගිලි සිසු අයිතියට

මහර අධ්‍යාපන කොට්ඨාසයට අයත් අඹගස්පිටිය මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද කාර්යාලය ඇතුළු ගොඩනැගිලි නැවත සිසු අයිතියට පවරා දීම පසුගිය දා උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.

මේ සඳහා බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 17ක් වැය කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාය.

මෙදින විද්‍යාලයේ 2012/2013 වසර සඳහා පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් 46 දෙනකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම ද ප්‍රධාන ඇමතිවරයා අතින් සිදුවිය.

මෙහිදී කතා කළ ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේ අද ජනතාවට සේවය කරන කිට්ටුම ආයතනය බවට පළාත් සභාව පත්වී සිටින බවත් ඒ නිසා ඇතැමුන් පළාත් සභාව සුදු අලියෙක් බවට කරන කතා තරයේම ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කපිතාන් ප්‍රදී්ප් පෙරේරා, මහර ප්‍රාදේශීය සභවේ සභාපති සහන් ප්‍රදීප් විතාන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,, මහර කොට්ඨාසය අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ඒ.බී. කරුනාරත්න හා සීමාසහිත මහර සමුපකාර සමිතියේ සභාපති ජයනන්දන වීරසූරිය යන මහත්වරු ද මහර ප්‍රාදේශීය ලේකම් තමරා ඩී.පෙරේරා මහත්මිය ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා