කරාතේ ක්‍රීඩාවට හපන් අක්කා නගෝ

කරාතේ ක්‍රීඩාවට හපන් අක්කා නගෝ

කරාටේ ක්‍රීඩාව කුඩා වයසේ සිටම ප්‍රගුණ කිරීමෙන් වයස 10දී කළුපටි ධාරි වූ සියඹලාපේ පදිංචි තරුෂි සෙව්මිණි සම්පායා සහ වයස 8 දී දස්කම් පාන විමාෂා දෙව්මිණී සම්පායා එකම පවුලේ දෙදෙනාම රන් පදක්කම් ලබමින් ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ ජය කොහෙලි නැංවීමට සමත් වූහ.

සියලු ක්‍රියාකාරකම් මධ්‍යයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ද හෙයියන්තුඩුව සංඝමිත්තා පාසලේ ඉගෙනුම ලබන සෙව්මිණි ඉහළින්ම සමත් වූවාය.

පසුගිය දා ජපන් නියෝජිතයින් වෙතින් කරාටේ කළුපටි පැළඳූ සෙව්මිණි මෙවර ගම්පහ දිස්ත්‍රික් තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගත් අතර නැගණියද රන් පදක්කමක් දිනා ගත්තාය.

පළාත් තරඟයේ දී එකම පාසලේ එකම ගෙදර දෙදෙනාම රන් පදක්කම් දිනා ගත්හ. 2012 මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැති අන්තර් ජාතික තරඟාවලියේ දී අක්කා රන් පදක්කමක්ද නංගී රිදී පදක්කමක් ද ලබා ගනිමින් පාසලටත් මවුබිමටත් කීර්තියක් ලබා දුන්හ.

විෂය බාහිර හා විෂයානුබද්ධ ක්‍රියාකාරකම් (ක්‍රිඩා - චිත්‍ර- ගායනා) අංශ තුළින් සුවිශේෂී දස්කම් පාන මේ දිරිය දියණියන් උදයන්ති රණතුංග හා සිරිරුවන් සම්පායා යන මවු පියන්ගේ දරුවන්ය.

 

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා