ගම්පහ ගොවීන් වී වගාවෙන් බැහැරවීමේ ප්‍රවණතාවක්

ගම්පහ ගොවීන් වී වගාවෙන් බැහැරවීමේ ප්‍රවණතාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතරයක් ගොවීන් වී වගාවෙන් බැහැරවීමේ ප්‍රවණතාවක් උද්ගත වී ඇති හෙයින් ඒ සඳහා ඔවුන් එහි රඳවා ගැනීමට විකල්ප විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙල්සන් ද සිල්වා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. කුඹුරු වගාව සඳහා වැසි දිය ගැන තද විශ්වාසයක් නොතබන වියළි කලාපයේ ගොවීන් තමාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස කුඹුරු වගාවේ නියැලෙනවා.

දේශගුණික බලපෑම් වලින් දැඩි ලෙස පීඩා නොවිඳීන තෙත් කලාපයේ ගොවීන් වී වගාව කෙරෙහි මන්දගාමී වීමට බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක් තිබෙනවා.

ඒ අනුව තෙත් කලාපයේ ඇති මුලු ඉඩම් ප්‍රමාණය වගාකර, නිෂ්පාදනය 1000 සිට 1200ක් දක්වා වර්ධනය කිරීමට සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය මෙන්ම නිෂ්පාදන කිරීමට අදහස් කරනවා.

එයට අමතරව ශ්‍රමය අඩුවෙන් වැය කර වැඩි ඵලදාවක් ලැබීම සඳහා පැරෂූට් කුමය පිළිබඳ ගොවීන්ට දැනුම ලබා දීමට අදහස් කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා