සිරියා අරගලය විසඳන විසැඳුමක් මා සතුයි

සිරියා අරගලය විසඳන විසැඳුමක් මා සතුයි

ජගත් සාම නියෝජිත කියයි

මාස 21ක් දිග්ගැස්සී ඇති සිරියා අරගලය විසැඳිමට ලෝකයාට පිළිගත හැකි විසැඳුමක් තමා සතුව ඇතැයි ජගත් සාම නියෝජිත ලක්දා බ්‍රහිමි පවසයි. එරට ලේ වැගිරීම් නතර කිරිම අරමුණු කොට ගත් සාකච්ඡා පැවැත්වීට කිසිවකු හෝ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ නම් එය අනුමත කරන බව සිරියා ජනාධිපති බෂා අල් - අසාද් පවසා තිබේ.

සිරියාවට නව වසර උදාවූයේ ද ම්ලේච්ඡ ඝාතන රැසක් සමඟ බව වාර්තාවේ. ඩැමස්කස් නගරයේ වදහිංසා කර මරා දැමු මළ සිරුරු රැසක් හමුවු බව සිරියා බලධාරීහු පවසති.

නිරීක්ෂකයන්ට අනුව මෙම ගැටුම හේතුවෙන් සිරියාවේ දැනට මිය ගිය සංඛ්‍යාව 45,000කට අධිකය. මොවුන් අතුරින් 90 %ක් ම මිය ගොස් ඇත්තේ පසුගිය වසරේ දී බව මානව හිමිකම් සංවිධාන පවසයි.

කැරලිකරුවන් විසින් විශාල ප්‍රදේශයක් අල්ලා ගෙන තිබියදීත් සිරියා රජය කඩා වැටීමට ඔන්න මෙන්න බවට බටහිර ජාතීන් යළි යළිත් ප්‍රකාශ කර තිබියදිත් බෂා අල් අසාද්ගේ රජය තවමත් හිස ඔසවා සිටීමට සමත්ව සිටි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා