ඉන්දියාවේ ස්ත්‍රී දූෂකයන් හය දෙනා පෝරකේට යවනවාට නාවි‍ පිල්ලේ හරස් වේ

ඉන්දියාවේ ස්ත්‍රී දූෂකයන් හය දෙනා පෝරකේට යවනවාට නාවි‍ පිල්ලේ හරස් වේ

ස්ත්‍රී දූෂණ වසංගතයෙන් අත්මිදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍කොමසාරිස් නාවි‍ පිල්ලේ පෙරේදා ඉන්දියාවෙන් ඉල්ලා සිටිමුත් සමූහ දූෂණ සිද්ධියේ චූදිතයන් හය දෙනාට මරණ දඬුවම පැමිණ වීමේ අදහස ප්‍රතික්ෂේප කරන බව පවසා තිබේ.

විසි තුන් හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්ව, පසුව මිය යාමේ සිද්ධිය ඉන්දියාව පුරා විරෝධතා උද්ඝෝෂණ ඇතිවීමට හා ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට හේතුවී ඇති අතර එ.ජා .මානව හිමිකම් ප්‍රධානි නාවිපිල්ලේ පවසා ඇත්තේ මේ සිද්ධිය ප්‍රචණ්ඩත්වයේ ආපසු හැරවුම් ලක්ෂයක් ලෙස සනිටුහන් වනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ඒ සමඟම මේ අපරාධය කෙතරම් දරුණු වුවත් ඊට විසැඳුම මරණ දඬුවම නොවන බව ඇය අවධාරණය කළාය.

"මෙහිදී අවශ්‍ය වන්නේ නව ජන විඥානයකට මග පෑදීම මෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් එලදායි හා සංවේදි නීති බලාත්මක් කිරීමයි. ඉන්දියාවට ස්ත්‍රී දූෂණය වැනි වසංගතයන් ගෙන් අත්මිදිය හැකියි. අතීත සමාජ සංශෝධන ක්‍රියාවලින් මඟින් එවන් හැකියාවක් ඇති බව ඉන්දියාව පෙන්වා දී තිබෙනවා"යි ඇය කීවාය.

"මෙවන් දරුණු අපරාධ හෙළා දැකීමේදි සකල විධ ඉන්දියානුවන් සමඟ මා එක්වෙනවා. කෙසේවෙතත් 2013 ඉන්දියාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්ත්ව රැල්ල කණ පිටපෙරළී සියලුම කාන්තාවන්ට බියෙන් සැකෙන් තොරව ගමන් කළ හැකි වාතාවරණයක් උදාවන හැරවුම් වසර වනු ඇතැයි අපි අපේක්ෂා කරමු"යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා