මරණ දඬුවම තහනමට රටවල් 111ක තාවකාලික කැමැත්ත

මරණ දඬුවම තහනමට රටවල් 111ක තාවකාලික කැමැත්ත

රටවල් 111ක් තාවකාලිකව මරණීය දණ්ඩනය තහනම් කිරීමට පසුගියදා පැවැති මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ සභා රැස්වීමේ දී එකඟතාව පල කර තිබේ.

මෙය නිත්‍යනුකූල බැඳීමක් නොවන නමුදු, තවමත් සිරකරුවන්ට මරණ දඬුවම ලබා දෙන රටවලට දෙවසරකට වරක් සිදු කරන ඡන්ද විමසීමෙන් ප්‍රබල පණිවිඩයක් නිකුත්‍ කෙරෙන බව ප්‍රකාශ වෙයි.

මෙවර මරණ දඬුවම තාවකාලිකව අත්හිටුවීම සඳහා ඡන්ද 111ක් ලැබී ඇති අතර එය 2010ට වඩා ඡන්ද 4ක වැඩිවිමක් බව සඳහන්ය. රටවල් 41ක් මෙහිදී ඊට එරෙහි වී ඇති අතර එක්සත් රාජධානිය, චිනය, ජපානය, ඉන්දියාව, උතුරුකොරියාව හා සවුදි අරාබිය ඒ අතර දක්නට ලැබෙන ප්‍රධාන රටවල්ය. රටවල් 34ක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

ලෝකයේ රටවල් 150ක් පමණ තාවකාලිකව හෝ නිශ්චිතවම හෝ මරණ දඬුවම තහනම් කර ඇති අතර 2011 දී මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ රටවල් 21ක පමණක් බව මානව හිමිකම් කණ්ඩායම් ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා