යේමනයට යළිත් ගුවන් ප්‍රහාර

යේමනයට යළිත් ගුවන් ප්‍රහාර

යේමනයේ සටන්විරාමයේ අවසනායත් සමග පෙරේදා යළි අගනුවර මත ගුවන් ප්‍රහාර එල්ල වි ඇති අතර මේ යේමන අර්බුයෙන් මේ වනවිට පන්ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

දෙමසක් තිස්සේ පැවති ගැටුම්වලින් පසු යේමන අර්බුදය සඳහා දේශපාලන විසඳුමක අපේක්ෂාව වියැකී ගොස් ඇති අතර යළි සටන් ඇවිලිම නිසා ලබන සතියේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සාම සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇතැයි පැවසී තිබේ

ඉකුත් මාර්තුවේ පටන් යේමනයේ ඉරාන සහාය ලත් හූති කැරලිකරුවන්ට එරෙහිව සවුදි ආරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදාවෙන් ගුවන් ප්‍රහාර එල්ල කෙරුනේ රටින් පිටුවහල්ව සිටින ජනාධිපති අබෙද් රබ්බෝ මන්සුර් හාදි යළ බලයේ පිහිටු විමේ අදිටනින්ය. ඉකුත් මැයි 15 දා වනවිට යේමනයේ පුදගලයන් 1850 ක් ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්ව 7394 ක් තුවාල ලබා ඇතැයිද 545000 ක් අවතැන්ව ඇතැයිද එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඉකුත් පස්දින සටන්විරාමයේදි සිදුකළ අගැයිම්වලදි ගැටුම්වලින් අවතැන්ව සිටින්නන් මහත් දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන බව අනාවරණය වි ඇතැයි සරණාගත ඒජන්සිය පවසා ඇත. ලෝක ආහාර වැඩ පිළිවෙල ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිමට කටයුතු කරන නමුත් එද ප්‍රමාණවත් නොවන බව සඳහන් කර තිබේ. සටන් විරාමයේ අවසන සවුදි අරාබි ප්‍රමුඛ හමුදා යළි ගුවන්ප්‍රහාර අරඹා ඇත්තේ සටන්විරාම සමයේදි පවා කැරලිකරුවන් එය උල්ලංඝනය වන පරිදි ක්‍රියාකළ බවට චෝදනා නගමිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා