රමාඩ් නගරය යළි අත්පත් කරගැනිමට සටන්

රමාඩ් නගරය යළි අත්පත් කරගැනිමට සටන්

ඉරාකයේ රමඩි නගරය අල්ලා ගත් ඉස්ලාම් ස්ටේට් ත්‍රස්තවාදීන් එහි අණසක තහවුරු කරගැනිමට පෙර ඹවුන් පලවා හැර ඉක්මනින්ම නගරය යලි අත්පත් කරගැනිමේ අරමුණ ඇතිව ඉරාක හමුදාව සහ ඹවුන්ට සහාය දක්වන අතුරු හමුදා අඟහරුවාදා නගරය වටකර ඇත. මිට මාස අටකට පමණ පෙර ඉරාක අගමැති ධුරයට පත් හෙයිඩර් අල් -අබඩි ගේ ආරක්ෂක ක්‍රමෝපාය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වීම හේතුවෙන් ඹහු දැඩි අසිරුතාවකට පත්වි ඇති බව වාර්තා වේ .ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අභිලාෂයෙන් අල් අබඩි යුහුසුළුව රමඩි නගරය යළි අත්පත් කර ගැනිමට විශේෂ උනන්බලය දුවක් දක්වන බව සඳහන් වේ.බලය අව තක්සේරුවකට ලක්වි සිටි ජිහාඩ් ත්‍රස්තවාදීන් තම ප්‍රහාරක ශක්තිය තහවුරු කිරිමට රමඩි නගරයට නැගෙනහිරින් පිහිටි රජයේ ගොඩනැඟිලි සහ රජයේ මිත්‍ර හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරිමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපති ඹබාමා ඉරාක හමුදාවට සහාය දක්වන ගෝත්‍රික ජනතාව පුහුණු කිරීමේ සහ අවි සැපයීම සහ ප්‍රතිප්‍රහාර දීමට ඉරාක හමුදාවට ආධාර සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජාතික ආරක්ෂක උපදේශකයන් කැඳවා තිබිණි.බිම් මට්ටමින් සටන් වැද සිටින හමුදාවට වඩා සාර්ථක ලෙස ආධාර සැපයීමේ ක්‍රමවේදය පිළිබඳව සොයාබලමින් සිටින බව ජාතික ආරක්ෂක ප්‍රකාශක ඇලිස්ටයාබාස්කි ඒ එෆ් පී පුවත් සේවයට පවසා තිබේ.

රමාඩි නගරය වටකර නව හමුදා වළල්ලක් ස්ථාපිත කිරිමටත් නව භටයන් බඳවාගෙන හමුදාව තවදුරටත් ශක්තිමත් කිරිමටත් අගමැතිවරයා නියෝග දී තිබේ.ජනප්‍රිය ෂයිටි හමුදා කණ්ඩ මේ සඳහා යොදා ගත යුතු බවත් ඹහු අවධාරණය කර තිබේ.රමාඩි නගරය දින කිහිපයක් තුළ යලි අල්ලා ගත හැකි වනු ඇති බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි විශ්වාසය පළ කරයි. සංක්‍රාමිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන අන්දමට රමඩි නගරයේ ගැටුම් හේතුවෙන් 40 000ක් පමණ පිරිසකට සිය නිවෙස් අතහැර පළා යාමට සිදුවි ඇත.ගැටුම් හෙතුවෙන් නිවැසියන්ට දෙවතාවක්ම රමඩි නගරය අත්හැර යාමට සිදුවි ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා