කෑන්ස් සිනමා උළෙල කාන්තා වසර ලෙස නම් කිරීමට විරෝධය

කෑන්ස් සිනමා උළෙල කාන්තා වසර ලෙස නම් කිරීමට විරෝධය

ලෝසුපතල ප්‍රංශ කෑන්ස් සිනමා උළෙල මෙවර කාන්තාවන්ගේ වසර ලෙස නම්කෙරී ඇති අතර ඊට විරෝධය පාමින් බොහෝ නිළියන් හා සිනමා අධ්‍යක්ෂක වරියන් කාන්තාවන් එක් වසරකට හෝ උත්සව අවස්ථාවකට පමණක් සීමාවූ පිරිසක් නොවන බව අවධාරණය කර තිබේ.

මෙවර කෑන්ස් උළෙලේ විශේෂත්වය වන්නේ ජිවිතයට වරක් පමණක් හිමිවන ගෞරව සම්මානයෙන් ඇග්නස් වර්දා පුද දෙනු ලැබිමය . ඒ අතරම අධ්‍යක්ෂිකා එමෑනුවල් බර්කොට් ගේ සිනමා පටයකින් උළෙල විවෘත කිරිමද විශේෂත්වයකි. මෙය කෑන්ස් සිනමා උළෙල ඉතිහාසයේ දෙවැනිවරට සිදුවන්නක් ලෙස සැලකි තිබේ. අධ්‍යක්ෂිකාවන් දෙදෙනකුගේ සිනමා පට මෙවර උළෙලට ඇතුලත්ව ඇති බවද සඳහන්ය.

උළෙලට සහභාගිවන කාන්තාවන් අඩි උස පාවහන් පැළඳ සිටිය යුතු බවට සංවිධායකයින් විසින් කොන්දේසියක් පණවා තිබුණු අතර මේ නිසා සාමාන්‍ය පාවහන් පැලඳි කාන්තාවන් රැසකට සිනමා උළෙලේ විවෘත කිරිම නැරඹීමට අවස්ථාව ලබා දීනැති බව ද වාර්තාවේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා