සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලපෑම් හමුවේ ත්‍රෛරාජ්‍ය සාකච්ඡාවක්

සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලපෑම් හමුවේ ත්‍රෛරාජ්‍ය සාකච්ඡාවක්

හාමතේ පසුවන දහස් ගණන් සංක්‍රමණිකයන්ට පිහිට විය යුතු බවට නැගෙමින් පවතින බලපෑම් හමුවේ අග්නිදිග ආසියාතික බෝට්ටුගත සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැලේසියාව ඉන්දුනීසියාව හා තායිලන්තය මැලේසියාවේදී එක්ව ඊයේ හදිසි සාකච්ඡාවක් පවත්වන බව ප්‍රකාශ වී තිබිණ.

මි‍යන්මාරයෙන් යාත්‍රා පිටින් පැමිණෙන වාර්ගික රොහින්ග්යා සුළුතරයින් හා දිළිඳු බංග්ලාදේශ සංක්‍රමණිකයින් ආපසු හරවා යැවිමට පියවර ගැන්මෙන් ඉහත කී රටවල් ත්‍රිත්වය අන්තර්ජාතික දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ඉකුත් සතියේ තායි බලධාරින් විසින් සිදුකළ සංක්‍රමණික වැටලිමකදී ජාවාරම්කරුවන් සංක්‍රමණිකයන් පිරි බෝට්ටු අතහැර පලා යාමෙන් පසු 3000 ක පමණ සංක්‍රමණිකයන් පිරිසක් මැලේසියා,ඉන්දුනීසියා හා තායිලන්ත වෙරළට පිහිනාඒම හෝ බේරාගැන්ම සිදුව ඇත.

මෙහිදී සමූහ සංක්‍රමණික ක්‍රියාවලිය උත්සන්න වීමට ඉඩ සලසමින්අග්නිදිග ආසියානු සංගමයේ රටවල් 10 ට අයත් මියන්මාරයද එරට මුස්ලිම් රොහින්ග්යා වාර්ගිකයන්ට සලකන දුර්වල ආකාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික හෙළාදැක්මට ගොදුරුව පවතින අවස්ථාවක ඉහතකී ත්‍රෛරාජ්‍ය සාකච්ඡාව සිදුකෙරෙන බව පැවසි තිබේ. කෙසේ‍වෙතත් මියන්මාරය ඊයේ ප්‍රකාශ කර තිබුණේ ඔවුන් අදාල සංක්‍රමණිකයන්ට මානුෂික ආධාර සැපයිමට සුදානම්බවය. මැලේසියා රජය ප්‍රකාශ කර ඇති පරිදි ක්වාලා ලම්පූරයේදි පැවැත්වෙන මේ සාකච්ඡාවට තෙරටේම විදේශ ඇමතිවරුන් සහභාගිවන්නේය.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා