ගමේ අවුරුදු

ගමේ අවුරුදු

ගමට අවුරුදු
දෙවැට සුපුරුදු
පිපෙන එරබදු
අවට පිරිසුදු
ගමට අවුරුදු

කොවුල් ගී නද
රැහැයි නාද ද
සතුට දී හද
බැඳේ මී වද

නොදැන ඇත නැත
ඉදෙන කිරිබත
මැවෙන සිරිකත
සිතට සිරිසෙත

පදින ඔන්චිලි
රබන් හැඬවිලි
උයන සිතුවිලි
බහකි නැලවිලි

ගමේ සිරිතට
වෙඩිලි උණ බට
නිලා තරුකැට
පෙනේ වට පිට

 

දොළොස් මහකට
ලබන දවසට
අතේ කර ගැට
මලේ සතුටට

ගමෙන් නගරෙට
ඇදුණු පිරිසට
උපන් නිවසට
ඒම කණපිට

රටට නුපුරුදු
අරුත් නොමසිදු
අරුම අවුරුදු
කිමෙද ගෙන බදු

දැයේ සවියත
මිනිස් සම්පත
ලබා සිරිසෙත
දිනේ ජයකොත

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා