අලුත් අවුරුදු චාරිත‍්‍ර

අලුත් අවුරුදු චාරිත‍්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන සඳුදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අපෙ‍්‍ර්ල් මස 27 වන සඳුදා දිනද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අපෙ‍්‍ර්ල් මස 11 වන සෙනසුරාදා දින දිඹුල්පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අපේ‍්‍රල් 14 වන අඟහරුවාදා පූ. භාග 00.47 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 13 වන සඳුදා අපර භාග 06.23 සිට පසුදින පූර්ව භාග 07.11 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන දින අපර භාග 06.23 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් පූර්ව භාග 00.47 සිට පසුදින පූර්ව භාග 07.11 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත‍්‍ර විධි ඉටු කිරීම ද මැනවි

ආහාර පිසීම

අපෙ‍්‍ර්ල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 05.05 ට මුතු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කොල්ලු මිශ‍්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපෙ‍්‍ර්ල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 05.50 ට මුතු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අපෙ‍්‍ර්ල් මස 15 වන බදාදා පූර්ව භාග 07.32 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත් ද තබා කහ මිශ‍්‍ර කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී තෙල් සහ කොහොඹ මිශ‍්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අපෙ‍්‍ර්ල් මස 20 වන සඳුදා පූර්ව භාග 06.28 ට තල මිශ‍්‍ර කිරිබත් අනුභව කර මුතු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා රැකියාවට පිටත්ව යෑම

අපෙ‍්‍ර්ල් මස 16 වන බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 06.19 ට රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී එළකිරි මිශ‍්‍ර කිරිබත් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

සැ. යු. – ඉහත නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා