පුදුකුඩිඉරුප්පු කොටි බළකොටුවේ හමුදා මෙහෙයුමෙන් පසු...

පුදුකුඩිඉරුප්පු කොටි බළකොටුවේ හමුදා මෙහෙයුමෙන් පසු...

කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසාන ප‍්‍රධානතම බළකොටුව වූ පුදුකුඩිඉරුප්පු ප‍්‍රදේශය පෙරේදා (5) දහවල් වන විට ඔවුන්ට සම්පූර්ණයෙන් ම අහිමි විය.

මේ ප‍්‍රදේශයට ඇතුළු වූ යුද හමුදා භට පිරිස් මසකට අධික කාලයක් තිස්සේ ගුවන් හමුදාවේ ද සහායෙන් ත‍්‍රස්තවාදීන් සතුව තිබූ කඳවුරු, අවි ආයුධ, බංකර් ඇතුළු වෙනත් යටිතල පහසුකම් සියල්ලට පහර දෙමින් ප‍්‍රදේශය අත්පත් කර ගැනීම කඩිනම් කළහ. මේ අනුව මාර්තු 3 දා වන විට පුදුකුඩිඉරුප්පු මංසන්දිය අත්පත්කර ගැනිණි.

එහි දී කොටි ත‍්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මියගොස් තවත් පිරිසකට තුවාල සිදු වූ අතර ඉකුත් (2) දා සිට පෙරේදා (5) දිනය දක්වා 53, 58 සේනාංක, අටවන කාර්ය සේනාංකයේ භටපිරිස් හා ත‍්‍රස්තවාදීන් අතර දරුණු ලෙස ගැටුම් හට ගැනිණි.

මේ දින තුනේ දී ඇති වූ ගැටුම්වලින් මිය ගිය ත‍්‍රස්තවාදීන් 453කගේ මළ සිරුරු යුද හමුදාව අතට පත් විය.

ඒ අතර ඉහළ පෙළේ කොටි නායක නායිකාවන් 11 කගේ මළ සිරුරු තිබිණි. කොටින් සතුව තිබූ කාලතුවක්කු, ගුවන්යානා නාශක අවි හා සුළු අවි ඇතුළු විවිධ වර්ගයේ අවි 1000කට වැඩි සංඛ්‍යාවක් ද මෙහි දී යුද හමුදාව අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවි අතර පාදයෙන් පාගා කි‍්‍රයාත්මක කෙරෙන (පැඩ්ල් ගන්) අවියක් ද තිබුණු බව යුද හමුදාව සඳහන් කෙළේය. පුදුකුඩිඉරුප්පු මුදාගැනීමේ මෙහෙයුම අවසානයේ දී යුද හමුදාවේ 53, 58 සේනාංක හා අටවන කාර්ය සේනාංකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොටි මළ සිරුරු හා අවි ආයුධවලින් කොටසක් ද මෙහි දැක්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා