එජාපය එදා කළ සෙල්ලම් අද වලංගු නැහැ

එජාපය එදා කළ සෙල්ලම් අද වලංගු නැහැ

කොළඹ දිස්ති‍්‍රක් එ.ජ.නි.ස. පළාත් සභා අපේක්ෂක ජගත් කුමාර

* තරුණයකු විදිහට ඔබ දේශපාලනය වගේ ක්ෂේත‍්‍රයක් තෝරා ගත්තේ ඇයි?

අද දේශපාලනයට තරුණයො අතවශ්‍ය පුද්ගලයො බවට පත්වෙලා තියෙනව. ජරාජීර්ණ වෙලා තියෙන දේශපාලනය අලුත් කරන්න නම් තරුණයන්ගෙ ආගමනය අත්‍යවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නෙ. මේ ගැන අද තරුණ පරපුර විශාල උනන්දුවකින් ඉන්නෙ. තරුණයන්ට අවශ්‍ය කරල තියෙන්නෙ රටට ගමට වැඩක් කරන්න පුළුවන් තරුණයන්ට පළාත් සභාව නියෝජනය කිරීමට ඉඩ ලබාදීමයි.

අද වෙද්දි දේශපාලනඥයන් කිව්වහම ගොඩක් අය හිතන්නෙ දූෂිතයො හොරු කියල. මට අවශ්‍ය කරන්නෙ ජනතාවගෙ හිත්වලට කාවැදිල තියෙන මේ මතය වෙනස් කිරීමයි. කොහොමත් තරුණ පරම්පරාවෙ අය වැඩ කරන්න යමක් සාර්ථක විදියට ඉස්සරහට අරගෙන කැමැතියි. රටේ අනාගතයට විශාල වැඩ කොටසක් ඉෂ්ට කරන්න මම සූදානම්.

* ප‍්‍රාදේශීය සභාපතිවරයකු විදිහට කටයුතු කරන ඔබ පළාත් සභා මන්තී‍්‍රවරයකු විදිහට පත් වුණොත් අනාගතයේදී සිදු කිරීමට සැලැසුම් කර ඇත්තේ මොන වගේ වැඩ පිළිවෙළක්ද?

මේවෙද්දි අවුරුදු තිහක් පුරා රටට පිළිලයක්ව තිබුණ යුද්ධය දැන් අවසන් අදියරට ඇවිල්ල තියෙනව. ඉදිරියේදි අපිට අවශ්‍ය කරල තියෙන්නෙ රට සංවර්ධනයේ මාවතට යොමු කිරීමටයි.

රටක් සංවර්ධනය කරද්දී ප‍්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන්ගෙ සහයෝගය අත්‍යවශ්‍ය කරනව. ඒ හින්ද තමයි ජනාධිපතිතුමා පවා මේ පළාත් සභා මැතිවරණයේදී ඉල්ලා සිටින්නෙ එතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය දෙන්න පුළුවන් පිරිසක් පත් කරන්න කියලයි.

ඒ හින්ද මම කොළඹ දිස්ති‍්‍රක්කයේ ඉන්න ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනව බුලත් කොළය ලකුණට ඡන්දය පාවිච්චි කරල සන්ධාන පළාත් සභාවක් පත් කරන්න කියල. මේ පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු විදිහට රජයේ වැඩපිළිවෙළ ඉස්සරහට අරගෙන යන්න මම සූදානම්, කියන පණිවිඩයත් මම ජනතාවට දෙන්න සූදානම්.

මම මෙතැනට උඩින් ආපු කෙනෙක් නෙමෙයි. සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරයෙන් මහජනතාවට ළංවෙලා ප‍්‍රාදේශීය සභා දේශපාලනයෙන් අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ හින්ද මම සූදානම් පළාත් සභා දේශපාලනය හරහා අදට වඩා පුළුල් සේවයක් අනාගතයේදී සිදුකරන්න.

* කොළඹ දිස්ති‍්‍රක්කය හැමදාම වගේ එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ප‍්‍රදේශයක්. මේ තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ ජයග‍්‍රහණය සන්ධාන කණ්ඩායමට අභියෝගයක් නෙමෙයිද?

අපෝ කිසිම අභියෝගයක් නැහැ. මේ පාර අපි උඩින්ම දිනනව. ඒකෙ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඉස්සර එජාපයෙ අය කරපු සෙල්ලම් අදට වලංගු නැහැ. මම හිතන විදිහට මේ පාර එජාපයට මැද කොළඹවත් දිනාගන්න පුළුවන් වෙයිද කියල සැකයි. බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රධුර හැත්තෑවක් අපිට ලේසියෙන්ම දිනාගන්න පුළුවන්. ඉතිහාසයේ කිසිම දවසක නොලැබිච්ච තරම් ජයග‍්‍රහණයක් මේපාර සන්ධානයට ගන්න පුළුවන්.

* එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයො, ජවිපෙ සාමාජිකයො සන්ධානයට එකතුවීමේ ප‍්‍රවණතාවයක් දකින්න පුළුවන් ඔබේ මැතිවරණ සටනට ඒ අයගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක් ද?

මේ වෙද්දි මගෙ මැතිවරණ ව්‍යාපාරයට ශී‍්‍රලනිප පාක්ෂිකයො විතරක් නෙමෙයි අනෙක් පක්ෂවල අයත් සහයෝගය ලබාදෙනව අද මේ සෑම කෙනාටම අවශ්‍ය කරල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සහ ප‍්‍රභාකරන් පරාජය කරන යුද්ධයට අවශ්‍ය මහජන ශක්තිය ලබාදීමයි.

මම දැනුවත්වම පසුගිය කාලයේදී එජාපයේ, ජවිපෙ දේශපාලනය කළ ගොඩක් අය මගේ මැතිවරණ සටනට සහයෝගය ලබාදෙනව. ඒ හැම දෙනාටම ස්තුතිය පල කරනව. රට ගැන හිතල මේ වගේ තීරණයක් ගැනීම පිළිබඳව.

* කඩුවෙල ප‍්‍රාදේශීය සභාවෙ නියෝජ්‍ය සභාපතිවරයා විදියට ඔබ ප‍්‍රදේශයට ඉටු කරල තියෙන්නෙ මොන වගේ සේවයක්ද?

පසුගිය අවුරුදු තුනක කාලයේදී මට පුළුවන් උපරිම ආකාරයට සේවයක් සිද්ධ කරල තියෙනව. ජනාධිපතිතුමාගේ මග නැඟුම, ගම නැඟුම වැඩපිළිවෙළෙන් වෙන් කරන ලද රුපියල් ලක්ෂ හාරසියයක් වියදම් කරල අතුරු මාර්ග රාශියක් ප‍්‍රතිසංස්කරණය කරල තියෙනව. නොමිලේ මහන මැෂින් ලබාදීම, කෘෂි උපකරණ ප‍්‍රදානය, පානීය ජල පහසුකම් ලබාදීම, දහම් පාසල් ගොඩනැඟිලි හා පුස්තකාල ඉදිකිරීම, කී‍්‍රඩා භාණ්ඩ ලබාදීම මගේ පසුගිය සේවයෙන් බිඳක් පමණයි. මීට අමතරව ජගත් කුමාර සිසු නැණ පදනම හරහා දූ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් ලබාදීල තියෙනව.

මම මේ හැම දෙයක්ම කෙළේ ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් විදිහට. මම විශ්වාස කරනව පළාත් සභා මන්තී‍්‍රවරයෙකු විදිහට කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවට ලොකු සේවයක් කරන්න පුළුවන් කියල.

මම 2002 වර්ෂයේදී ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු විදිහට පත්වුණාට පස්සෙ ජනතාව වෙනුවෙන් විශාල හඬක් නැගුව. මම හැම වෙලාවෙම බැලුවෙ පක්ෂය පාට ගැන නෙමෙයි මනුෂ්‍යත්වය පිළිබඳවයි. මගේ ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ ඒක.

* සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා විදිහට ඔබ දිගු කාලයක් කටයුතු කළා. මේ ක්ෂේත‍්‍රවලට පළාත් සභා මන්තී‍්‍රවරයකු විදිහට මොනවගේ සේවයක්ද ඉෂ්ඨ කරන්න පුළුවන්?

සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය වගේ්ම, කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත‍්‍රයත් ගමත් සමඟ පීඩිතයා සමඟ සම්බන්ධවයි තියෙන්නෙ. ඒ නිසා එම ක්ෂේත‍්‍රවලින් ඉහළට මතුවෙලා ආපු මම වගේ කෙනෙකුට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්ද මට පුළුවන්කම තියෙනව මේ ක්ෂේත‍්‍රවල තියෙන ප‍්‍රශ්න ගැන ඉහළ බලධාරීන් දැනුවත් කරල ඒ ගැටලුවලට විසඳුම් අරගෙන දෙන්න.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා