වැඩිහිටියන්ට සහන මිලට ආයුර්වේද ඖෂධ

වැඩිහිටියන්ට සහන මිලට ආයුර්වේද ඖෂධ

වැඩිහිටියන් වෙනුවෙන් නිකුත් කරන ඖෂධ සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදීමට ආයුර්වේද ඖෂධ සංස්ථාව පියවර ගෙන තිබේ.

ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක මෙම සහන වට්ටම රට පුරා සියලුම ආයුර්වේද

ඖෂධ සංස්ථා මගින් ලබා ගත හැකි බව දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කරයි. නිරෝගි වැඩිහිටි පරපුරක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මේ පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.

වැඩිහිටියන් තම ජීවිත කාලයේදී රට සංවර්ධනය කිරීම සඳහාත් වැඩදායි අනාගත පරපුරක් බිහි කිරීම සඳහාත් කරන ලද සද් කාර්යයට කලගුණ සැලකීමක් ලෙස ලබා දුන් මේ සහනය විජේරාම වෙද ගෙදර, අනුරාධපුර, දියතලාව, බදුල්ල, මහනුවර, රත්නපුර, යාපනය, තංගල්ල, කොටුව දුම්රිය පොළ යන අලෙවි මධ්‍යස්ථාන මගින්ද ලබා ගත හැකිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා