විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස මොරටු සරසවිය යළිත් තෝරා ගනී

ලෝක මෘදුකාංග ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ

විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස මොරටු සරසවිය යළිත් තෝරා ගනී

ලෝකයේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යා ක්ක්‍ෂ්ත්‍රයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයය ලෙස මොරටුව විශ්වවිද්‍යාලය නැවත වතාවක් තෝරා ගෙන ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයට පළමු තැන ලැබී ඇත්තේ ලොව විශ්වවිද්‍යාල 1193ක් අතරිනි.

ශිෂ්‍ය නිර්මාණශීලිත්වය, කුසලතා, හැකියාවන් හා කාර්ය සාධනය ඇගයීමට ලක් කරන’ගූගල් සමර් ඩෆ් කෝඩ්’ නමින් ද හැඳීන්වෙන ‘ෆී‍්‍ර ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්’ [Foss]  නම්

වාර්ෂික තරගයෙන් ලත් ජයග්‍රහණය නිසා මේ තැන හිමිවූ බව මොරටුව විශ්වවිද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය මලික් රණසිංහ මහතා පැවැසීය.
මේ වාර්ෂික තරගය 2005 දී ආරම්භ කරන ලද්දකි.

2008 දී මෙන්ම 2007 වර්ෂයේ දී ද මොරටුව විශ්වවිද්‍යාලය මේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යා ක්ෂේත්‍රයෙන් මොරටුව විශ්වවිද්‍යාලය ලත් මේ ජයග්‍රහණය විශේෂිත වීමට තවත් හේතුවක් වන්නේ එහි දෙවැනි තැන දිනාගත් කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයට ඉකුත් සිවු වසරේ දී හිමිවූ අගයන් මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක් ඊට හිමිව තිබීමයි.

මේ ජයග්‍රහණය හේතු කොටගෙන මොරටුව විශ්වවිද්‍යාලය උතුරු අමෙරිකානු යුරෝපියානු ආසියා පැසිපික් හා දකුණු ආසියා සියලු විශ්වවිද්‍යාලයන් අභිබැවීමට සමත්ව තිබේ.

මේ තරගයේ දී මුල් විශ්වවිද්‍යාල 229 අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨය 35 වැනි තැන ලබා තිබීම ද විශේෂත්වයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා