යුද හමුදා ප්‍රදර්ශනය 11දා තෙක් දීර්ඝ කරයි

කොටි ත්‍රස්තවාදීන්ගෙන් යුද හමුදාව අත්පත්කරගත් රොකට් විදිනයක් නිරීක්ෂණය කරන පුංචි දරුවෙක්... ඡායාරූපය - රංජිත් ජයවීර

යුද හමුදා ප්‍රදර්ශනය 11දා තෙක් දීර්ඝ කරයි

ශ්‍රී ලංකා යුද හමුදා 60 වැනි සංවත්සරය සමරමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය මේ මස 11 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රදර්ශනයේ 5 වැනි දිනය අදයි (7) ප්‍රදර්ශනයේ 4 වැනි දිනය වූ ඊයේ (6) ලක්‍ෂ 4කට අධික පිරිසක් සහභාගි වී තිබේ.

බාල මහලු සියලු වයස් කණ්ඩවලට අයත් පිරිස් මහත් උද්යෝගයෙන් යුතුව ප්‍රදර්ශනය නරඹන අයුරු දැක ගත හැකිය.


මේ ප්‍රදර්ශනය ඉකුත් 3දා සිට අද දක්වා පැවැත්වීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි.

එහෙත් මේ වන විට විශාල ජනතාවක් මෙය නැරැඹීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් යුද හමුදාව ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට තීරණය කොට තිබේ.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා