විශ්වවිද්‍යාල 7ක නව අධ්‍යයනාංශ ඇරැඹේ

විශ්වවිද්‍යාල 7ක නව අධ්‍යයනාංශ ඇරැඹේ

විශ්වවිද්‍යාල හතක, නව අධ්‍යයනාංශ හතක අධ්‍යාපන කටයුතු මේ වසරේදී ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කියයි.

මහින්ද චින්තනයට අනුව විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමේ අරමුණින් මේ අධ්‍යයනාංශ පටන්ගත් බවද ඇමැතිවරයා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා නීති අධ්‍යයනාංශය, සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය, රුහුණු විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අධ්‍යනාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ පොදු සහ ජාත්‍යන්තර නීති, පුද්ගල හා තුලනාත්මක නීති, වානිජ නීති අධ්‍යනාංශ සහ යාපනය විශ්වවිද්‍යාලයේ මත්ස්‍ය විද්‍යා අධ්‍යයනාංශය එසේ අලුතින් ආරම්භවූ අධ්‍යයනාංශයෝය. මීට අතිරේකව රැකියාභිමුඛ පාඨමාලා වශයෙන් නව පාඨමාලා පහක් ද හඳුන්වා දුන් බවද ඇමැතිවරයා කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා