දඹදිව යන රාජ්‍ය සේවකයනට සහන

දඹදිව යන රාජ්‍ය සේවකයනට සහන

රාජ්‍ය සේවකයන්ට දඹදිව වන්දනාවේ යාමට හඳුන්වා දුන් වාරික ගෙවීමේ ක්‍රමයේදී ගෙවිය යුතු වාරිකයක මිල තවදුරටත් පහත දැමීම කෙරෙහි මිහින් ලංකා ගුවන් සමාගමේ අවධානය යොමු වී තිබේ.

වාරික හයකින් ගෙවීමේ ක්‍රමයට දඹදිව යාම සඳහා ගුවන් ටිකට් පත් සැපයීමේ අරමුණෙන් හඳුන්වා දුන් මේ ක්‍රමය අනුව රජයේ සේවකයකු වාරිකයකට ගෙවිය යුතු මුදල රුපියල් පන්දහස් දෙසිය පනහකි.

පවුලේ සාමාජිකයකු සමඟ දඹදිව වන්දනාවේ යාමට සිදු වුවහොත් රුපියල් දස දහසකට අධික වාරික මුදලක් ගෙවීමට සිදුවන අතර එය වැටුපට දැරිය නොහැකි තරමේ වැය බරක් බව රාජ්‍ය සේවකයන් පෙන්වා දී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන් බහුතරයක් කළ ඉල්ලීම මත එක් වාරිකයක් රුපියල් 3250 ක් වැනි සාධාරණ මට්ටමකට ගෙන ඒම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව ඒ සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කෙළේය.

වාරික හයකින් ගෙවිය යුතු ක්‍රමය වෙනුවට වාරික ප්‍රමාණය දහය දක්වා ඉහළ දමා ගෙවිය යුතු මුදල අඩු කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇතැයි හෙතෙම පැවැසීය.

දඹදිව වන්දනාවේ යාමට සහ ඒමට මිහින් ලංකා ගුවන් සේවයේ ටිකට් පතක් සඳහා වැය කෙරෙනුයේ රුපියල් 31500 කි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා