කර්මාන්ත හා තොරතුරු ජාත්‍යන්තර සමුළුව පේරාදෙණිය සරසවියේ දී

කර්මාන්ත හා තොරතුරු ජාත්‍යන්තර සමුළුව පේරාදෙණිය සරසවියේ දී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා ඉන්දියාවේ කර්ග්පූර්හි ඉන්දීය තාක්ෂණික ආයතනය එක්ව සංවිධානය කරනු ලබන කර්මාන්ත හා තොරතුරු පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේදී අද (28) ආරම්භ වෙයි.

“අනාගත කර්මාන්ත උදෙසා තාක්ෂණික නව්‍යකරණය” යන්න තේමා කර ගනිමින් මේ මස 28, 29, 30 හා 31 යන දිනවල පැවැත්වෙන මේ ජාත්‍යන්තර සමුළුව මෙවර සංවිධානය කෙරෙන්නේ සිව්වන වරටය.

ස්වීඩනය, ජපානය, ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, ඉන්දියාව, අමෙරිකාව, ඉරානය, මැලේසියාව ඇතුළු රටවල් ගණනාවක පර්යේෂකයින් 200 කට ආසන්න පිරිසක් මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. බී. වීරකෝන් මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා