දඹුල්ලේ ශ්‍රීලනිප ආධාරකරුවකු කපා කොටා ඝාතනය කරති

දඹුල්ලේ ශ්‍රීලනිප ආධාරකරුවකු කපා කොටා ඝාතනය කරති

තවත් තිදෙනකුට බරපතළ තුවාල

ශ්‍රී.ල.නි.ප. ආධාරකරුවකු වූ දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පෙරේදා (26) අලුයම කිසියම් සහාසිකයන් පිරිසක් විසින් තියුණු අවිවලින් කපා ඝාතනය කැර තිබේ.

එහිදී තවත් තිදෙනෙකුට තුවාල සිදුව තිබෙන අතර කැපුම් තුවාල සහිත ඔවුන් ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දඹුල්ල අනුරාධපුර මාර්ගයේ පදිංචිව සිටි 52 හැවිරිදි එන්. රූපසිංහ නැමැත්තෙකු බව ද පොලිසිය කීය.

එදින අලුයම 4.10 ට පමණ මොහුගේ නිවසට පැමිණ ඇති සාහසික පිරිසක් ව්‍යාපාරිකයා මරා දමා ඔහු සමඟ සිටි තවත් තිදෙනෙකුට තුවාල සිදුකැර පළා ගොස් තිබේ.

සැකකරුවන් කිසිවෙකු ඊයේ වනවිටද අත්අඩංගුවට ගෙන නොතිබිණි. සිද්ධිය පිළිබඳ දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා