අධ්‍යාපන වෘත්තීය සමිති 16 ක සහාය ජනපතිට

අධ්‍යාපන වෘත්තීය සමිති 16 ක සහාය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති 16 ක නියෝජිතයෝ අවධාරණය කරති. ඔවුන් පවසන්නේ තිස් වසරක් තිස්සේ මෙරට සංවර්ධනය අඩාල කරමින් ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදය සිවු වසරකදී මෙරටින් තුරන් කිරීමට නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් බවය.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අමතරව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු රැසක් විසඳමින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ද පසුගිය සිවු වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැදගත් තීන්දු තීරණ රැසක් ගත් බව ඔවුහු පෙන්වා දෙති.

“මහින්ද චින්තන” වැඩපිළිවෙළ යටතේ නිදහස් අධ්‍යාපනය තව තවත් සුරක්ෂිත කර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කිරීමට අධ්‍යාපන ඇමැති සුසිල් පේමජයන්ත මහතා සිදු කළ කාර්යභාරයද ඔවුහු ඇගැයීමට ලක් කළහ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති 16 ක නියෝජිතයන් කොළඹ දී ඉකුත් දා (26) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා