පුත්තලමේ අවතැන්ව සිටින මුස්ලිම්වරුන් මුල් ගම්බිම්වල කඩිනමින් පදිංචි කරනවා

පුත්තලමේ අවතැන්ව සිටින මුස්ලිම්වරුන්
මුල් ගම්බිම්වල කඩිනමින් පදිංචි කරනවා

ජනාධිපති කල්පිටියේ දී කියයි

ත්‍රස්තවාදීන් විසින් උතුරෙන් පලවා හැර දැනට පුත්තලමේ අවතැන් කඳවුරුවල වෙසෙන ලක්ෂයක් පමණ වූ මුස්ලිම් ජාතිකයන් වහාම ඔවුන්ගේ උපන් ගම්බිම්වල නැවත පදිංචි කිරීමට කටයුතු කරන බව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අවතැන් වූ මුස්ලිම් ජනතාවගේ දුක තමා හොඳින් හඳුනන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ වගකීම බාර ගැනීමට තමා සූදානම් බව ද අවධාරණය කෙළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උතුරු පළාත් සමුළුවට කල්පිටිය අලංකුඩාහි දී පෙරේදා (26 දා) එක් වෙමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා