වී මණ්ඩලයේ ගොඩනැඟිලි 2ක් හිතවතකුට අත යට දීලා

වී මණ්ඩලයේ ගොඩනැඟිලි 2ක් හිතවතකුට අත යට දීලා

එජාප දේශපාලකයාගේ කෝටි 10ක ගනුදෙනුවක්

වී අලෙවි මණ්ඩලයට අයත් රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති ගොඩනැගිලි දෙකක් හෝටල් ව්‍යාපාරිකයකුට පවරා කළ අත යට ගනුදෙනුවක් ගැන දැන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරක් දරන දේශපාලනඥයකු මහනුවර වැව ඉදිරිපිට පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපාරිකයකුට පවරා ඇත.

මෙම අත යට ගනුදෙනුව සිදුවී ඇත්තේ 2002 දීය. හසලක පිහිටි තවත් ගොඩනැගිල්ලක් එම පුද්ගලයා විසින්ම හෝටල් බංගලාවකට පවරා දී ඇත. වී අලෙවි මණ්ඩලය වසා දමා මෙම ගොඩනැගිලි අනුන්ට පවරා මෙසේ විශාල මුදලක් මෙම ප්‍රබලයා ලබාගත් බව ද කියති. නුවරවැව ඉස්මත්තේ පිහිටි ගොඩනැගිල්ලේ කාමර 100 කින් සමන්විත හෝටලයක් පවත්වා ගෙන යයි.

හසලක පිහිටි ගොඩනැගිල්ලේ දැන් හෝටල් බංගලාවක් පවත්වා ගෙන යයි. මෙසේ වී අලෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිලි දෙකක් හොර රහසේ පැවරීම ගැනත් මෙම පැවරීමෙන් ලබාගත් මුදල ගැනත් සමුපකාර සහ වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 400න් දැනට ඉතිරිවී තිබෙන්නේ 140කි. මෙම ගබඩා 140න් කොටසක් විකුණා තිබේ. තවත් කොටසක් කුලියට දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා