ඉල්ලීම් නොදුන්නොත් 17දා එලියට බහිනවා

ඉල්ලීම් නොදුන්නොත් 17දා එලියට බහිනවා

- සමස්ත ලංකා හෙද සංගමය

හෙද සේවා ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු නොකළොත් මේ මස 17 වැනිදා උදේ 8 සිට 10 දක්වා පැය දෙකක කාලයක් හෙද හෙදියන් සේවයෙන් බැහැරවීම සිදුකරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එදින හෙදියන් සේවයට පැමිණ අත්සන් කර මෙසේ සේවයෙන් බැහැරවීමට කටයුතු කෙරේ. මේ මස 15 වැනිදාට පෙර හෙද ඉල්ලීම් ලබාදීමට රජය එකඟ වී ඇත.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, මහනුවර , අනුරාධපුරය, පුත්තලම, බදුල්ල, නුවරඑළිය යනාදී ප්‍රධාන පෙළේ රෝහල් 20 ක හෙද හෙදියන් 10,000 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිතය. මේ සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද එක්වේ.

මහරගම පිළිකා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල යනාදී රෝහල්වල හෙද පිරිස මේ සඳහා එක්කර නොගන්නේ එම රෝහල්වල බරපතළ රෝගීන් සිටින නිසා බවත් එම සංගමයේ සභාපති එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේය. හෙද ඉල්ලීම් පිළිගතහැකි පරිදි ලබා නොදුන්නොත් මීට වඩා බරපතළ ආකාරයේ විරෝධය පෑමට සිදුවන බව ද එම සංගමය රජයට අවධාරණය කර සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා