මහනුවර රජ වීදියේ පදික වේදිකාව හදන්න ගෙන ආ රැඳවියා පැන ගිහින්

මහනුවර රජ වීදියේ පදික වේදිකාව හදන්න ගෙන ආ රැඳවියා පැන ගිහින්

මහනුවර රජ වීදියේ රිමාන්ඩ් බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාවේ පෙරහර නැරඹීම සඳහා පීඨිකා තැනීමට රැගෙන ගිය බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (13) දහවල් පළාගොස් තිබේ.

ගෙවල් බිඳුම් නඩු සිද්ධියක් සම්බන්ධයෙන් මොහු වරදකරු වී දඬුවම් විඳ ඇති අතර මාස කිහිපයකින් ඔහු නිදහස් වීමට නියමිතව සිට ඇත. දක්ෂ වඩු කාර්මිකයකු වන මෙම පුද්ගලයා ඇඹිලිපිටියේ පදිංචිකරුවකු බව වාර්තාවෙයි.

පෙරහර නැරඹීම සඳහා රජ වීදියේ පදික වේදිකාවෙහි ලෑලි වලින් පීඨිකා තනමින් සිටියදී මොහු පලාගොස් තිබෙන බව දැනගන්නට තිබේ. මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා