හිටපු කොටි සාමාජිකයෝ 30ක් අද ඥාතීන් භාරයට

හිටපු කොටි සාමාජිකයෝ 30ක් අද ඥාතීන් භාරයට

වවුනියාව පොම්පෙමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුහුණුව අවසන් කළ හිටපු කොටි සාමාජිකයෝ 30 දෙනෙක් අද (14) සවස නිදහස ලබා පිටව යති.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස නිදහස් කොට ඔවුන්ගේ ඥාතින් වෙත බාර දීම සිදුවන අතර, එදිනම පොම්පෙමඩු පුනරුත්ථාපන (කාන්තා) මධ්‍යස්ථානයේ රූප ලාවන්‍ය පුහුණුව අවසන් කළ කාන්තාවන් පිරිසකට සහතික පත් පිරිනැමීමද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා අතින් සිදුවනු ඇත

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා