ඔලිම්පික් මැරතන් සූරයා ඇප මත නිදහස්

ඔලිම්පික් මැරතන් සූරයා ඇප මත නිදහස්

සිය බිරිය හා ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට තැත් දැරූ බවට චෝදනා ලබා සිටින ඔලිම්පික් මැරතන් සූර කෙන්යාවේ සැමුවෙල් වන්ජිරු ඇප මත නිදහස ලැබුවේය.

චිකාගෝ මැරතන් සූරතාව ද දෙවරක් දිනා ගැනීමට සමත් වූ 24 හැවිරිදි සැමුවෙල් බීමතින් පැමිණ බිරිය හා දබර වී ඇයට හා නිවසේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබීමට උත්සහ කළ බවට චෝදනා ගොනුකර තිබිණි.

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ මැරතන් සූරයා වූ සැමුවෙල් කෙන්යාවෙන් බිහිවූ පළමු ඔලිම්පික් සූරයා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා