බොදු විදුහල් ක්‍රිකට් තරඟ 7 දා සිට

බොදු විදුහල් ක්‍රිකට් තරඟ 7 දා සිට

දිවයිනේ ප්‍රධාන බෞද්ධ විදුහල් අතර පැවැත්වෙන කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කොට් ක්‍රිකට් තරගය 12 වන වතාවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජනවාරි 7,8 සහ 9 යන දිනවලදී පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගි වන ආදි ශිෂ්‍ය කණ්ඩායම් මෙසේ ය.

ආනන්ද , නාලන්ද, ධර්මරාජ,ධර්මාශෝක, ධර්මපාල, මලියදේව, මහින්ද සහ මාතර රාහුල විදුහල් වේ.

මෙම වාර්ෂික තරගය මීට කලින් පැවැත්වීමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය නිසා කල් දැමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා