කෑගල්ල මේසපන්දු සූරතා සමරසේකර - පවනි දිනති

කෑගල්ල මේසපන්දු සූරතා සමරසේකර - පවනි දිනති

කෑගල්ල මේස පන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික හා මධ්‍යස්ථ මේස පන්දු තරගාවලියේදී ආධුනික සූරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ එස්. එච්. සමරසේකර හා ආධුනික සූරිය ලෙස කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ පවනී සිරිසේන සූරතා හිමිකර ගත්හ.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වී. කේ. හේවගේ හා මියුසියස් විද්‍යාලයේ හන්සනි පියුමාලි අනුසූරතාවත් හිමි කර ගනු ලැබීය.

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගි වූහ. පාසල් 50 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඒ අතර සිටි අතර විවිධ වයස් මට්ටම් වලින් තරග ඉසව් 17 ක් පැවැත්විණි.

දීර්ඝ කාලයක් අක්‍රියව පැවැති කෑගලු දිස්ත්‍රික් මේස පන්දු සංගමය ප්‍රතිසංවිධානය වීමෙන් පසුව සභාපති කනක හේරත් මහතාගේ සංවිධානයෙන් පැවැති මේ තරගාවලියෙන් අනතුරුව කෑගලු දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 10 ක් සඳහා රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා මේස පන්දු ක්‍රීඩා උපකරණ බෙදා දීමද සිදු වුණි.

තරග ප්‍රතිඵල

ආධුනික කාන්තා

සූරතාවය – පවනි සිරිසේන – මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල, අනුසූරතාවය – දිනිති විජේවර්ධන – මියුසියස් විද්‍යාලය

අන්තර් මධ්‍යම (ධ්දබඥපථඥඤඪචබඥ) කාන්තා

සූරතාවය – පවනි සිරිසේන – මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල, අනුසූරතාවය – හන්සනී පියුමාලි - අනුලා විද්‍යාලය

පිරිමි ආධුනික

සූරතාවය – එස්. එච්. සෝමසේකර - ශ්‍රී ලංකා යුද හමුදාව, අනුසූරතාවය – වී. කේ. හේවගේ – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

අන්තර් මධ්‍යස්ථ පිරිමි

සූරතාවය – පී. ඩී. යු. තෙන්නකෝන් – ධර්මරාජ විද්‍යාලය මහනුවර, අනුසූරතාවය – එස්. ඩබ්ලිව්. නිස්සංක – ඩඩ්ලි සේනානායක ම. ම. වි. විද්‍යාලය, තෝලංගමුව

අවු. 10 න් පහළ පිරිමි

(1) සමින්ද සුලාරක (විදර්ථ විද්‍යාලය)

(2) පසිඳු සේමගේ (ධර්මාශෝක විද්‍යාලය)

අවු. 10 න් පහළ ගැහැනු

(1) දෙරන්ජි පෙරේරා (මලියදේව බාලිකා විද්‍යාලය)

(2) ලක්ෂිනි නෙත්මි (මලියදේව බාලිකා විද්‍යාලය)

12 න් පහළ පිරිමි

(1) කලිඳු කවීෂ (මලියදේව පිරිමි විද්‍යාලය)

(2) සන්දේෂ් නිශ්ශංක (වෙස්ලි විද්‍යාලය)

අවු. 12 න් පහළ ගැහැනු

(1) පියුමි දෙවිදිනි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය කුරුණෑගල)

(2) සඳමිණි කුලරත්න (මහාමායා - මහනුවර)

15 න් පහළ පිරිමි

(1) දුෂාන් චාමික

(2) එස්. මූනමලේ (මලියදේව පිරිමි විද්‍යාලය)

අවු. 15 න් පහළ ගැහැනු

(1) තනුෂි රොඩ්රිගෝ (මහාමායා මහනුවර)

(2) නෙත්මි වින්දුල (ශාන්ත ජෝසප් විද්‍යාලය – කෑගල්ල)

18 න් පහළ පිරිමි

(1) නිතින් නිමන්තර (ඩඩ්ලි සේනානායක ම. ම. වි.)

(2) සචින්ත මුනමල්පේ (මලියදේව පිරිමි විද්‍යාලය)

අවු. 18 න් පහළ ගැහැනු

(1) දෙව්මිනි වීරසේන

(2) ඉෂානි මධුමාලි

(21) න් පහළ පිරිමි

(1) එස්. ඩබ්. නිස්සංක (ඩඩ්ලි සේනානායක ම. ම. වි.)

(2) නිතින් නිමන්තර (ඩඩ්ලි සේනානායක ම. ම. වි.)

අවු. 21 න් පහළ ගැහැනු

(1) දිනිති විජේගුණවර්ධන

(2) දිනිෂා බාලචන්ද්‍රන්

අවු. 8 න් පහළ ගැහැනු

(1) වෙනුජි පෙරේරා (මලියදේව බාලිකා විද්‍යාලය)

(2) නවෝද්‍යා රණසිංහ (මලියදේව බාලිකා විද්‍යාලය)

අවු. 8 න් පහළ පිරිමි

(1) පී. එස්. ඩී. තෙන්නකෝන් – (ධර්මරාජ විද්‍යාලය)

(2) චන්දුප අලහකෝන් – (සසෙක්ස් විද්‍යාලය – කෑගල්ල)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා