මලින්ද - චාමර යුනිචෙලා පිලට ජය ගෙනෙති

වෙළෙඳ සේවා ක්‍රිකට්

මලින්ද - චාමර යුනිචෙලා පිලට ජය ගෙනෙති

මලින්ද වර්ණපුර හා චාමර සිල්වාගේ විශිෂ්ඨ පිති හරඹය හේතුවෙන් වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය යටතේ බී. ආර්. සී. පිටියේ පැවැති තරගයෙන් ජනශක්ති පිල පරදවා කඩුලු 7 ක ජයක් අත් කර ගැනීමට යුනිචෙලා පිල සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ජනශක්ති පිල ලැබූ ලකුණු 243 හඹාගිය යුනිචෙලා පිල ඕවර 34.1 කදී කඩුලු 3 කට ලකුණු 247 ක් ලබා ගත්තේය.

මලින්ද වර්ණපුර පන්දු 102 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 92 ක් රැස් කළ අතර චාමර සිල්වා පන්දු 53 කදී හතරේ පහර 7 ක් හා හයේ පහර 4 ක් සමග ලකුණු 74 ක් වාර්තා කළේය. දෙදෙනා අතර 3 වැනි කඩුල්ල සඳහා නොබිඳුනු සම්බන්ධතාවය ලකුණු 149 කි. තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහර 6 ක් සමග ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් විය.

ජනශක්ති – 243 (ඕවර 47.3)

සචිත්‍ර සේරසිංහ 55, ඩිල්ෂාන් මුණවීර 44, යොහාන් ද සිල්වා 43 (ගයාන් විජේකෝන් 44 / 3)

යුනිචෙලා - 247 / 3 (ඕවර 34.1)

මලින්ද වර්ණපුර නොදැවී 92, චාමර සිල්වා නොදැවී 74, තිලකරත්න ඩිල්ෂාන් 41

කීල්ස් පිලට කඩුලු 3 ක ජයක්

මාස් ඇක්ටිව් – 114 (ඕවර 28)

තිලකරත්න සම්පත් 43 (උපුල් ඉන්ද්‍රසිරි 24 / 4, කණිෂ්ක ඇල්විටිගල 29 / 4)

ජෝන් කීල්ස් - 117 / 7 (ඕවර 31.4)

ශිවංක රණසුරිය 28 (සචිත්‍ර සේනානායක 15 / 3 තිලකරත්න සම්පත් 30 / 2)

සම්පත් බැංකුවට ලකුණු 25 ක ජයක්

සම්පත් බැංකු පිල – 249 / 9 (ඕවර 50)

සමීන් කන්ඳනාරච්චි 56, හසන්ත ප්‍රනාන්දු 38, චරිත් සිල්වෙස්ටර් 38, චාමර ද සොයිසා 43 (තාරක කෝට්ටේහේවා 58 / 3 ගයාන් සිරිසෝම 34 / 2)

සෙලාන් බැංකු පිල – 224 (ඕවර 46.4)

චානක විජේසිංහ නොදැවී 66, දමිත් ඉන්දික 47, (මාලිංග සුරප්පුලි 48 / 5, හසන්ත ප්‍රනාන්දු 22 / 2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා