විස්සයි 20 කාන්තා ක්‍රිකට් අවසන් ගැටුම අද

විස්සයි 20 කාන්තා ක්‍රිකට් අවසන් ගැටුම අද

අන්තර් සමාජ ඕවර විස්සයි 20 කාන්තා ක්‍රිකට් පළමු කොටසේ තරගාවලියේ අවසන් මහා තරගය අද (4) හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර මුවර්ස් පිටියේදී පැවැත්වේ.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල, කෝල්ට්ස් පිල අවසන් පූර්ව වටයේදී ලකුණු 28 කින් පරාජය කිරීමට සමත් වූ අතර සී. සී. සී. පිල ලකුණු 80 කින් පරාජය කිරීමට හලාවත මේරියන්ස් පිල සමත් විය. මුලික වටයේ තරග සියල්ල ජය ගැනීමට හලාවත මේරියන්ස් සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල තරග දෙකක් ජයගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල, දිලානි මනෝදරා (නායිකා), චමරි පොල්ගම්පොල, චමරී අතපත්තු, සුමුදු ප්‍රනාන්දු, චාමිකා බණ්ඩාර, සඳුනි අබේවික්‍රම, අවන්තිකා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, අනුරාධා අලහප්පෙරුම, ශාලිකා කුමාරි, අනුශ්කා සංජීවනී

හලාවත මේරියන්ස් පිල - ශෂිකලා සිරිවර්ධන (නායිකා) දේදුනු සිල්වා, සුවිනි ද අල්විස්, චන්දි වික්‍රමසිංහ, ඊෂාන් කෞෂල්‍යා, ලසන්ති මධුෂානි, ජනකාන්ති මාලා, ශානිකා නිරුක්ෂනී, රංගිකා ප්‍රනාන්දු, රුක්ෂලා ධර්මසිරි, නිරෝෂා සංජීවනී

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා