බෙකම්ට නව භූමිකාවක්

බෙකම්ට නව භූමිකාවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් 2011 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී මහ බ්‍රිතාන්‍ය පාපන්දු පිලට ක්‍රීඩා කිරීමට හෝ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇතැයි සංවිධායක කමිටුවේ සභාපති සෙබස්තියන් කෝ ප්‍රකාශ කළේ්ය.

ඔලිම්පික් උළෙලේ දී පාපන්දු තරගාවලිය 23 න් පහළ තරග ඉසව්වක් ලෙස පැවැත්වීමට නියමිත වූවත් අවුරුදු 23 ට වැඩි ක්‍රීඩකයන් තිදෙනෙකුට තම පිල නියෝජනය කිරීමට අවස්ථාව ඇත.

බී. බී. සී. පුවත් සේවයට තරග සංවිධායක කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ ඩේවිඩ් බෙකම් ස්ටීවන් ජෙරාඩ් හෝ ෆ‍්‍රෑන්ක් ලැම්පාර්ඩ් ට ඔලිම්පික් උළෙලේදී එංගලන්ත පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය හැකි බවය. කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෝ ක්‍රීඩකයකු ලෙස කටයුතු කිරීමට වැඩි අවස්ථාව බෙකම්ට ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා