පලස්තීන සරණාගතයන් ගැන අල්-ජසීරා තොරතුරු හෙළි කරයි

පලස්තීන සරණාගතයන් ගැන අල්-ජසීරා තොරතුරු හෙළි කරයි

අල් - ජසීරා මාධ්‍ය මඟින් හෙළිදරව් කළ රහස්‍ය තොරතුරකට අනුව, 2009 ඊශ්‍රායල – පලස්තීන සාම සාකච්ඡා ආරම්භයේදීම , 1948 සරණාගතයන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් ඊශ්‍රායලය බාර ගැනීම සම්බන්ධයෙන් පලස්තීනය එකඟ වී ඇති බව කියයි. 1948 ඊශ්‍රායල ආක්‍රමණයෙන් සරණාගතයන් බවට පත්වූ සම්පූර්ණ සංඛ්‍යාව මිලියන 5කට අධිකය. එම තොරතුරුවලට අනුව හිටපු ඊශ්‍රායල අගමැති එහුඩ් ඔල්මට් එකඟ වී ඇත්තේ පලස්තීන සරණාගතයන් 5,000ක් පමණක් බාර ගැනීමටයි. පසු අවස්ථාවකදී වසරකට 1,000 බැගින් දස වසරක් තුළ සරණාගතයන් 10,000ක් බාර ගැනීමට ජනාධිපති ඔල්මට් එකඟවී ඇත.

පස්වසරක් ඇතුළත ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවා ගන්නා ලද්දේ 1948 ආක්‍රමණයෙන් අනතුරුවයි. රහස්‍ය වාර්තාවලට අනුව සරණාගතයන් 10,000 පමණක් ඊශ්‍රායලයට බාර ගැනීම සම්බන්ධයෙන් පලස්තීන බලධාරීහු එකඟ වී තිබේ. 2008 දෙසැම්බරයේදී ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන බවට පලස්තීන නායකත්වයට ඊශ්‍රායලය කලින් අනතුරු අඟවා තිබූ බවද මේ රහස්‍ය වාර්තා හෙළිදරව් කර තිබේ. බටහිර රටවල අනුග්‍රහය ලබන ෆාටා ව්‍යාපාරයේ නායක අබ්බාස්, රහස්‍ය ලියකියවිලි අනාවරණය කිරීම සම්බන්ධයෙන් සිය බලවත් විමතිය පළකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා