අයර්ලන්තය ගොඩගන්න යුරෝපා හවුල මැදිහත් වෙයි

අයර්ලන්තය ගොඩගන්න යුරෝපා හවුල මැදිහත් වෙයි

අයර්ලන්තය වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගැනීමට යුරෝපා හවුල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වී ඇත. මේ සඳහා අවශ්‍ය කෙරෙන ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේ අරමුණු ඇතිව එරට මැතිවරණය පෙබරවාරි අගදී පැවැත්වෙන ආකාරයට ඉදිරියට ගෙනවිත් තිබේ. කඩාවැටෙමින් පවතින අයර්ලන්ත රජය සමඟ ගිවිසුමකට එළඹීමට විරුද්ධ පක්‍ෂය එකඟ වී ඇත. තීරණාත්මක මුදල් පනතක් ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතය.

එම පනත සම්මත වීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. පසුගිය සති අන්තයේදී හරිත පක්‍ෂය සභාගයෙන් ඉවත් වීමත් සමඟ අගමැති බ්‍රයන් කොවෙන්ට අනිවාර්යයෙන්ම මේ තීරණයට එළඹීමට සිදු වී තිබේ.  මුදල් පනත සම්මත වීමෙන් අනතුරුව යුරෝපා හවුල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යූරෝ බිලියන 67 ක ණය මුදලක් නිකුත් කිරීමට නියමිතය. අයර්ලන්තයේ ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අගමැති බ්‍රයන් කොවෙන් දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා