බොලිවියාවේ ජනතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට

ආහාර මිල ඉහළ යාම නිසා ඇතිවූ

බොලිවියාවේ ජනතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට

බොලීවියාවේ ආහාර මිල ගණන් අධික ලෙස ඉහළයාමට එරෙහිව පැන නැගුණු ජන උද්ඝෝෂණ පෙරේදා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පෙරළුණේ නිරතදිග නගරයක පිරිස් කඩ සාප්පු කොල්ලකෑමට පෙළඹීමෙන් බව පොලිසිය කියා තිබේ. ඉකුත් දෙසැම්බරයේ ඉන්ධන සහනාධාර කප්පාදුවෙන් පසු පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ යාම නිසා ආහාර ද්‍රව්‍යවලද මිල ඉහළ යාමෙන් ජනතා විරෝධතාවන් පැන නැගිණ. පසුව ඉන්ධන සහනාධාර තීරණය රජය ඉවත් කළද මිල ගණන් පහළයාම ඉතා හෙමින් සිදුවන අයුරක් පෙනීගොස් තිබේ.

මේ මිල ඉහළ යාම් වලට එරෙහිව ලියාල්ලගුවා නගරයේ 5000ක පමණ පිරිසක් වීදි බැස තිබිණි. කඩසාප්පු වසා දමන ලෙස පොලීසිය ඉල්ලා ඇත. ආකර හා ගොවි වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජනයක්ද අරඹා තිබිණ. ආකර වෘත්තිය සමිති වැඩ වර්ජනය සාමකාමීව සිදුවුනද ගොවීන් ඒකරාශී කෙරුණු සෙසු වර්ජනයන්හිදී ප්‍රදේශයේ කඩ සාප්පු කොල්ල කෑම්ද සිදුවී තිබේ. වර්ජක උද්ඝෝෂකයින් සමග ගැටුම් ඇතිවීම වැළැක්වීමේ අටියෙන් පොලීසිය නිහඬව සිටි අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා