ලෙබනනයේ දේශපාලන අර්බුද දිනෙන් දින ඉහළ යන ලකුණු

ලෙබනනයේ දේශපාලන අර්බුද දිනෙන් දින ඉහළ යන ලකුණු

ලෙබනනයේ සුන්නි ප්‍රදේශ පුරා ඉකුත් සඳුදා විරෝධතා පැනනැගී තිබේ. ෂයිටි හිස්බුල්ලාවරුන්ගේ අපේක්ෂකයෙක් රජයේ නව නායකයා වශයෙන් පත්කර තිබේ. මෙය කුමන්ත්‍රණයක් බව බලයෙන් පහවී ඇති සාඩ් හරීරිෆ් පක්ෂය චෝදනා කරයි. උද්ඝෝෂකයන් ටයර් පුළුස්සා මාර්ග අවහිර කරමින් විරෝධතා දක්වා තිබේ. ජනප්‍රිය සුන්නි නායකයෙකු වන ප්‍රකෝටිපති නජිබ් මිකාටි ඉරානයේ ආකාරයේ ආගමික රජයක් පිහිටුවනු ඇතැයි අපේක්ෂිතය.

ලෙබනනයේ බලය බෙදාගැනීමේ පිළිවෙත යටතේ, ජනාධිපතිවරයා මරොනයිට් ක්‍රිස්තියානි ආගමිකයෙක්, කතානායකවරයා, ෂයිටි මුස්ලිම්වරයෙක් සහ අගමැතිවරයා සුන්නි මුස්ලිම්වරයෙක් විය යුතුය. හිස්බුල්ලාවරුන් නායකත්වයට පත්කිරීම සුන්නිවරුන්ට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියාවක් බව ට්‍රිපොලි නියෝජිත මන්ත්‍රී කබාරා පවසයි. නව රජයේ හිස්බුල්ලාවරුන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ද අවධානයද යොමුවී තිබේ. සෞදි අරාබියේ සහ බටහිර රටවල අනුග්‍රහය ලැබූ හරීරිෆ් රජය ජනවාරි 12 දින හිස්බුල්ලාවරුන් විසින් පෙරලා දමන ලදී.
 

ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය කුමන්ත්‍රණකාරි දේශපාලන පෙරළියකට අරඅඳීන බවට චෝදනා කරන බලධාරීන් ඊට එරෙහිව සාමකාමි විරෝධතාවන් හි නියැලෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ. එලෙස විරෝධතාවක යෙදෙන පිරිසකි මේ.

ඒ. එෆ්. පී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා