23 වැනි මහළින් බිමට පැන්නත් අර්ජන්ටිනා කතගේ දිවි බේරිලා

23 වැනි මහළින් බිමට පැන්නත් අර්ජන්ටිනා කතගේ දිවි බේරිලා

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනගරයේ හෝටලයක 23 වැනි මහලින් බිමට පිනූ කාන්තාවක ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇත. නවතා තිබුණු කුලී රියක වහල මතට වැටීමෙන් ඇගේ දිවි ගැලවී තිබේ. වහා රෝහල් ගත කරන ලද මේ 30 හැවිරිදි කාන්තාවගේ පෙනහැල්ලක් වකුගඩුවක් හා ප්ලීහාව ඉවත්කර ඇත.

පෑන් අමෙරිකානෝ හෝටලයේ ඇසින් දුටු සාක්ෂිවලට අනුව සන්සුන් විලාශයෙන් කෝපි කෝප්පයක් ඇණුවම් කළ ඇය සිය අත්බෑගය පසෙක තබා පැළඳ සිටි පාවහන් ගලවා ආරක්ෂක වැට මතට ගොඩවී බිමට පැන තිබේ. ඇය පතිතවුණ කුලී රියේ රියැදුරු පවසා ඇත්තේ වාහනයෙන් පිටත නොසිටියේ නම් ඔහු මියෙන්නට පවා ඉඩ තිබුණු බවය. මහා සද්දයක් සහිතව ඇය රියේ වහල මත ඇදවැටීමත් සමඟ එය ඇදවී ගිලා බැස්ස බවද ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා