මහ මඟේ හෙලිකොප්ටරය ගාල් කළ චිලී ජනපතිගේ ක්‍රියාව දෝෂදර්ශනයට

මහ මඟේ හෙලිකොප්ටරය ගාල් කළ චිලී ජනපතිගේ ක්‍රියාව දෝෂදර්ශනයට

චිලී ජනාධිපති සෙබස්ටියන් පිනේරා පසුගියදා ඔහු පදවාගෙන ගිය හෙලිකොප්ටර් යානයේ ඉන්ධන හිඟවීමෙන් මහමගකට යානය ගොඩබස්සා, ඇති අතර එම ක්‍රියාව දැඩි දෝෂදර්ශනයට ලක් වී තිබේ. ඔහු යානය ගොඩබාන දර්ශන ඇතුළත් රූපාවලියක් පුවත් විකාශනයක දැක් වී ඇත. මෙගා ටී.වී. නම් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දැක්වුණු රූපවාහිනියෙහි, ‘රොබින්සන් 44’ නම් හෙලිකොප්ටර් යානය මහමඟක නවත්වා ඇති අයුරු සහ තම යානයේ ඉන්ධන හිඟවී ඇති බව ‘කොබ්කෙකියුරා’ නේවාසිකයන්ට ජනාධිපතිවරයා පහදන අයුරු අඩංගු වී තිබිණ.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ක්‍රියාව දෝෂ දර්ශනයට ලක් කළේ මෙය අනවශ්‍ය අවදානමකට මුහුණ දීමක් ලෙස හඳුන්වමිනි. සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද ඔවුහු ඉල්ලා සිටිති. යානයේ හදිසි ගොඩබෑමෙන් පසු පොලිස් හෙලිකොප්ටර් යානයක් එහි ළඟාවීම හා ජනාධිපතිවරයා ඔවුන්ට ද කරුණු පහදනු රූපාවලියේ තවදුරටත් දැක් වී තිබිණ.

යානයේ ඉන්ධන පිරවීමෙන් පසු ඔහු ඔහුට අයත් ස්ථානයකට යළි පියාසර කළ බවද සඳහන් ය. පිනේරා පස් වසරකට වැඩි කාලයක් ගුවන් නියමුවකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ නියමු අවසර පත්‍රය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පියාසර පැය ගණන ආවරණය කරනු පිණිස මෙසේ සැරිසරණ බව පැවැසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා