මැරතන් ඉතිහාසයේ අඩුම කාලය මුටායිගෙන්

මැරතන් ඉතිහාසයේ අඩුම කාලය මුටායිගෙන්

මැරතන් ඉතිහාසයේ අඩුම කාලය වාර්තා කරමින් 115 වැනි බොස්ටන් මැරතන් තරගයේ කිරුළ අත්කර ගැනීමට කෙන්යාවේ ජෙෆ්රි මුටායි සමත්විය. පැය 2 කුත් මිනිත්තු 3 ක් සහ තත්ත්පර 2 කින් තරගය නිමා කොට නව ලෝක වාර්තාවක් තැබූ මුටායි විසින් බිඳ හෙලනු ලැබුවේ 2008 වසරේ බර්ලීන් නුවර දී ඉතියෝපියාවේ හේලි ගෙබ්සෙලසි පැය 2 කුත් මිනිත්තු 3 ක් සහ තත්පර 59කින් මැරතන් තරගයක් නිමා කොට තැබූ ලෝක වාර්තාවය.

මම දැනගෙන හිටියේ මට හොඳින් දුවන්න පුලුවන් කියලා. නමුත් ලෝක වාර්තාව මගේ සිතේ තිබුණේ නැහැ” තරගය නිමා කිරීමෙන් පසුව මුටායි පැවැසීය. ලෝක වාර්තාවට අමතරව බොස්ටන් මැරතන් නව වාර්තාවක් තැබීමට ද 29 හැවිරිදි මුටායි සමත්විය. මීට පෙර බොස්ටන් මැරතන් හොඳට කාලය වාර්තා කර තිබුණේ කෙන්යාවේ රොබටි තිප්රෝනෝය. ඔහු පසුගිය වසරේ බොස්ටන් තරගය පැය 2 කුත් මිනිත්තු 5 ක් සහ තත්පර 52කින් නිමා කිරීමට සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා