එදිරිවාදිකම් අත්හැර පාකිස්තානය ඉන්දියාව සමග හොකී තරගාවලියකට

එදිරිවාදිකම් අත්හැර පාකිස්තානය ඉන්දියාව සමග හොකී තරගාවලියකට

එදිරිවාදී රටවල් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තාන අතර ක්‍රීඩා හිතවත් භාවය වැඩි වෙද්දී ඉන්දියාව සමග හොකී සබඳතා මේ වසර අගදී යළි ගොඩනැගීමට පාකිස්තානය බලාපොරොත්තු වෙයි. ලබන දෙසැම්බරයේදී ඉන්දියාවට එරෙහිව තරගමාලාවක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව පාකිස්තාන හොකී සම්මේලනයේ ලේකම් අසිෆ් බජ්වා වාර්තාකරුවනට පැවසීය. “අගමැති යූසූෆ් රාසා ගිලානිගේ උපදෙස් මත ඉන්දියාව සමග හොකී සබඳතා ලබන දෙසැම්බර් මාසයේ හෝ 2012 ජනවාරියේ යළි ගොඩනගා ගැනීමට අප බලාපොරොත්තු වනවා” යැයි ඔහු ප්‍රකාශ කළේය.

පුද්ගලයන් 166 දෙනෙකුට මරු කැඳවමින් 2008 වසරේ මුම්බායිහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ අසල්වැසි දෙරට අතර ක්‍රීඩා සබඳතා ඇන හිටිණි. පාකිස්තානය මූලස්ථානය කොට ගත් ත්‍රස්තවාදීන් විසින් මේ ප්‍රහාරය දියත් කළ බවට ඉන්දියාව චෝදනා කළේය. එහෙත් පසුගිය මාසයේ ඉන්දියාවේ මොහාලිහිදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පූර්ව තරගයේදී දෙරටේ නායකයන් මුණ ගැසීමෙන් පසුව ක්‍රීඩා පිටියේ සබඳතා යළි තර කිරීමට රටවල් දෙකම කැමැත්ත පල කර සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා