‘ආයෙත් එංගලන්ත නායකයා වෙන්න කැමතියි’

‘ආයෙත් එංගලන්ත නායකයා වෙන්න කැමතියි’

- පීටර්සන්

ඇන්ඩෲ ස්ට්‍රාවුස් එංගලන්ත එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වූවොත් එංගලන්ත නායකයා ලෙසින් යළිත් වතාවක් කටයුතු කිරීමට තමා ඉතාමත් ආශාවෙන් සිටින බව කෙවින් පීටර්සන් කියයි.

පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳව ස්ට්‍රාවුස් සලකා බලමින් සිටින අතර 2008 – 09 වකවානුවේදී ටෙස්ට් හා එක්දින යන දෙආකාරයේ ම ක්‍රීඩාවේ හය මසකට අඩු කාලයක් එංගලන්තයේ නායකත්වය දැරූ පීටර්සන් ඉතා කැමැත්තෙන් යළි එම තනතුර බාර ගැනීමට සූදානමින් සිටී. 

“එක්දින නායකත්වය හිස්වුනොත් මම අනිවාර්යයෙන්ම ඊට ඉදිරිපත් වෙනවා” පීටර්සන් කියයි. “මා අවසන් වතාවට නායකත්වය දැරීමෙන් පසුව බොහෝ දේ සිදුව තිබෙනවා. ස්ට්‍රාවුස් නායකත්වයෙන් ඉවත් වන බවට කටකතා පැතිර යාමෙන් පසුව මා ඒ ගැන පසුගිය සති කිහිපයේම කල්පනා කළා.” පීටර්සන් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා