වොස්නියැකි මුල් තැනට

වොස්නියැකි මුල් තැනට

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට ඩෙන්මාර්කයේ කැරොලයින් වොස්නියැකි සමත්ව සිටී. නවතම ශ්‍රේණිගත කිරීම අනුව ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ක්‍රීඩකයන් අතර මුල්තැනට පත්ව ඇත. ටෙනිස් ක්‍රීඩිකා කැරොලයින් වොස්නියැකි ලකුණු 9930 ක් ලබා ඇති අතර දෙවැනි තැන සිටින බෙල්ජියමේ කිම් ක්ලිජිස්ටර්ස් ලකුණු 8115 ක් ලබා ඇත.

රුසියාවේ වේරා සොවනේරිවා ලකුණු 7815 ක් ලබා තෙවැනි තැනට පත්වූවාය. ක්‍රීඩකයන් අතර පෙරමුණ ගත් රෆායල් නඩාල් ලකුණු 12870 ක්ද, සර්බියාවේ නොවැක් ජර්කොවික් ලකුණු 9640 ක්ද ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් ලකුණු 8550 ක්ද ලබා සිටිති.

නවතම ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් නාම ලේඛණය -

1. කැරොලයින් වොස්නියැකි (ඩෙන්මාර්කය) 2. කිම් ක්ලිපස්ටර්ස් (බෙල්ජියම) 3. වේරා සොවනේලීව් (රුසියාව) 4. ෆ්‍රැන්සිස්කා ස්චැතිවෝන් (ඉතාලිය) 5. වික්ටෝරියා අසරන්කා (බෙල්ජියම) 6. සමන්තා ස්ට්‍රොවුස් (ඔස්ටේ‍්‍රලියාව) 7. ලීනා (චීනය) 8. රජලේනා පැනකොවික් (සර්බියාව) 9. මාරියා ෂරපෝට් (රුසියාව) 10. සෙරීනා විලියම්ස් (ඇමෙරිකාව)

ක්‍රීඩකයන් -

1. රෆායල් නඩාල් (ස්පාඤ්ඤය) 2. නොවැක් නැනකොවික් (සර්බියාව) 3. රොජර් ෆෙඩරර් (ස්විස්ටර්ලන්තය) 4. ඇන්ඩි මරේ (ජර්මනිය) 5. රොබින් සොඩර්ලින් (ස්විඩනය) 6. ඩේවිඩ් ෆෙරර් (ස්පාඤ්ඤය) 7. තෝමස් බේඩිම් (චෙක් රාජ්‍යය) 8. ජේගන් මෙල්සර් (ඔස්ට්‍රියාව) 9. ගාබල් මොන්ෆිල්ස් (ප්‍රංශය) 10. මුඩී ෆිස් (ඇමෙරිකාව)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා