කුලියාපිටිය ප්‍රාදේශීය ක්‍රීඩා සූරතාව මැදි විදුහල් ක්‍රීඩා සමාජයට

කුලියාපිටිය ප්‍රාදේශීය ක්‍රීඩා සූරතාව මැදි විදුහල් ක්‍රීඩා සමාජයට

වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ ජවන හා පිටිය මලල ක්‍රීඩා සූරතා තරගාවලියේ සමස්ත සූරතාව ලකුණු 124 ක් දිනාගත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා සමාජයට හිමි විය. කුලියාපිටිය සුරදූතිකා ක්‍රීඩා සමාජය ලකුණු 49 ක් ලබා අනුසූරතාව දිනාගත්අතර ලකුණු 42 ක් ලැබූ මීගහකොටුව සූර්යා ක්‍රීඩා සමාජය තුන්වන තැනට පත් විය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාල ක්‍රීඩා සමාජයේ එස්. එම්. දිනෙත් විදුරංග සහ ඒ. එම්. අසන්ත ලක්මාල් ක්‍රීඩා තරගාවලියේ සම දක්ෂතම ක්‍රීඩකයන් වූ අතර එම ක්‍රීඩා සමාජයේම එස්. එම්. නිලුකා ප්‍රියදර්ශනී දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් එන්. එම්. ජේ. ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පිට ක්‍රීඩා නිලධාරී කේ. ඒ. ප්‍රියනන්ද මහතා විසින් තරගාවලිය සංවිධානය කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා