නි. ඇමැති නන්දිමිත්‍ර ත්‍රෝබෝල් සභාපති වෙයි

නි. ඇමැති නන්දිමිත්‍ර ත්‍රෝබෝල් සභාපති වෙයි

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගියදා නිතරගයෙන් තේරී පත්විය. ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනයේ මෙම නිලවරණය (2011 – 2012) පසුගියදා කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. ත්‍රෝබෝල් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ නන්දිමිත්‍ර ඒකනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩා පරිපාලනය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි.

මාතලේ දිසා හොකී සංගමයේ සහ ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස දිගු කලක් කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.  මාතලේ දිසාව කේන්ද්‍ර කර ගනිමින් රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ මාතලේ අන්තර්ජාතික කෘතිම හොකී ක්‍රීඩාංගණය ගොඩ නැගීමට ද නන්දිමිත්‍ර ඒකනායක මහතා මුල්වී කටයුතු කළ දේශපාලනඥයෙකි.

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනයට තේරී පත්ව සිටින (2011 – 2012) නිලධාරීන් මෙසේයි.

සභාපති – නන්දිමිත්‍ර ඒකනායක මහතා (උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය)

නියෝජ්‍ය සභාපති – නාලිනි චාල්ස් මිය (කොළඹ)

උප සභාපතිවරු - යූ. ජේ. එම්. ප්‍රනාන්දු මිය (පුත්තලම), ජී. සී. ඒකනායක මහතා (මහනුවර), මාලිනි එදිරිසූරිය මිය (මාතලේ), තමරා ඉලේසිංහ මිය (ගාල්ල), ස්වර්ණා ප්‍රනාන්දු මිය (ගම්පහ), යැස්මින් ධර්මරත්න මිය (කොළඹ), ආර්. ඒ. එස්. සී. රත්නායක මිය (කෑගල්ල)

ලේකම් – පද්මා කරුණාරත්න මිය (ගම්පහ)

උප ලේකම් – අයි. එල්. එල්. කේ. ගුණතිලක මිය (කටුනායක)

භාණ්ඩාගාරික – එල්. ඩී. අයි. ප්‍රනාන්දු මෙනවිය (ගම්පහ),

උප භාණ්ඩාගාරික – ජි. එන්. අයි. ද සිල්වා මහතා (කටුනායක)

විධායක කමිටුව - පී. ආර්. ඩී. ආර්. සී. කේ. අල්මේදා මහතා (කටුනායක), ඩබ්. එම්. අයි. මනෝජ් කුමාර මහතා (කටුනායක), එස්. එස්. තල්ගස්දූව (කටුනායක), ජගත් පුෂ්පලාල් මහතා (කළුතර), චමින්ද ජයවර්ධන මහතා (කළුතර), චන්ද්‍රිකා පි‍්‍රයංගනි මිය (බදුල්ල), එල්. ආර්. දිසානායක මහතා (පුත්තලම), සඳමාලි රොද්‍රිගු මිය (පුත්තලම), එම්. යූ. ගුණවර්ධන මහතා (ගම්පහ), ජී. එස්. සිල්වා මහතා (ගම්පහ), ගණන් පරීක්ෂක - සීවලි රන්දෙනිය මහතා (ගම්පහ)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා