ජොනතන්ගේ ජයග්‍රහණයත් සමග රට පුරා මාරාන්තික ගැටුම්

නයිජීරියා ජනපතිවරණය:

ජොනතන්ගේ ජයග්‍රහණයත් සමග රට පුරා මාරාන්තික ගැටුම්

නයිජීරියානු ජනාධිපතිවරණයෙන් ගුඩ්ලත් ජොනතන් ජයග්‍රහණය කළ බවට ප්‍රකාශ කිරීමත් සමග සඳුදා උතුරු නයිජීරියාවේ මාරාන්තික ගැටුම් හටගෙන තිබේ. හිටපු ජනාධිපති ජොනතන් මෙවර ජනාධිපතිවරණයෙන්ද 57% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු යුද හමුදා පාලකයෙක්වූ මහුමඩ් බුහාරිට ලබාගත හැකිවී ඇත්තේ 31% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන දකුණු නයිජීරියානුවන් විශාල වශයෙන් ඡන්දය දී ඇත්තේ ජොනතන්ටයි. එහෙත් උතුරේ මුස්ලිම් බහුතරය ඔහුට ඡන්ද දී නැති බව වාර්තාවේ.

නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන්.

මෙවර ඡනාධිපතිවරණය සාපේක්ෂ වශයෙන් සාධාරණව පැවති බවට නිරීක්ෂකයෝ පවසති.  එහෙත්, බුහාරි හිතවාදීන් පවසන්නේ ඡන්දය දූෂිත එකක් බවයි. ඡන්දදායකයන් බියගන්වා ඡන්දය දැමීමෙන් වැලැක්වූ බවත්, ඡන්ද පෙට්ටි හොර ඡන්දවලින් පිරවූ බවටත් ඔව්හු චෝදනා කරති. සඳුදා ඇතිවු මාරාන්තික ගැටුම අතරවාරයේදී පල්ලි, කෝවිල් සහ නිවාස විශාල සංඛ්‍යාවක් පුළුස්සා දමා ඇතැයි නයිජීරියානු රතු කුරුස සංවිධාන බලධාරීහු පවසති.

උතුරු දිග කුඩුනා ප්‍රාන්තයේ පැය 24 ක ඇඳිරි නීතිය පනවා ඇත. උප ජනාධිපති නමාඩි සැම්බෝගේ නිල නිවාසද පුළුස්සා දමා තිබේ. මෙම ගැටුමට මුල්වී ඇත්තේ දේශපාලන කරුණු මිස ආගමික හෝ ජනවාර්ගික හේතු නොවන බව පොලිසිය කියයි. මේ අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතරකරන ලෙස ජනාධිපති ගුඩ්ලක් ජොනතන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.  2003 සහ 2007 ජනාධිපතිවරණ වලටද ඉදිරිපත්වූ ජොනතන්ගේ ප්‍රතිවාදී බුහාරි එම ජනාධිපතිවරණ වලදීද පරාජවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා