ආර්ථිකය කඩාවැටීම වැළැක්වීමට කියුබානු කොමියුනිස්ට් පක්ෂයෙන් යෝජනා

ආර්ථිකය කඩාවැටීම වැළැක්වීමට කියුබානු කොමියුනිස්ට් පක්ෂයෙන් යෝජනා

කියුබාවේ ආර්ථිකය කඩාවැටීම වළකාගැනීමේ අරමුණ ඇතිව, කියුබානු කොමියුනිස්ට් පක්ෂය පසුගිය සඳුදා යෝජනා රැසක් සම්මත කර තිබේ. මධ්‍යම රජය විසින් සම්පාදනය කරන ආර්ථික සැලසුම්වල, වෙළඳපොළ නැඹුරුව කිසිදු පුළුල් ආර්ථික වෙනස්කමක් සිදුවී නැති බව ආර්ථීක විද්‍යාඥයෝ පවසති. ඉතා සුළු වෙනස්කම් පවා හඳුන්වා දී ඇත්තේ වසර හතරකට පමණ පසුව, 84 වියැති ෆිඩෙල් කැස්ට්‍රෝ යළිත් පක්ෂ නායකත්වයට පත්කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන බව පැවසේ. පක්ෂ නායකයා තේරීමේ තරගය ඊයේ (අඟහරුවාදා) පැවැත්වීමට නියමිත විය.

සාමාජිකයන් 1,000 පමණ සහභාගි වූ හවානා නගරයේදී පැවති සිවුදින සමුළුවකදී ආර්ථික ක්ෂේත්‍රයට අදාළ යෝජනා 300 ක් පමණ සම්මත කරගන්නා ලදී. තවද, එහිදී නව මධ්‍යම කාරක සභාවක් ද පත්කරගන්නා ලදී. සම්මත කරගත් යෝජනා අතර, රජයේ රැකියා මිලියනයක් පමණ අහෝසි කිරීම, කෘෂි අංශය විකේන්ද්‍රගත කිරීම ආදිය වේ. 2006 දී අසනීපවීමත් සමඟ පිඩෙල් කැස්ට්‍රෝ විසින් පක්ෂ නායකත්වය සිය සොයුරු රහුල් කැස්ට්‍රෝට පිරිනමන ලදී. නව මැතිවරණයෙන් අනතුරුව 80 වියැති රහුල් කැස්ට්‍රෝ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම ලේකම් ධුරයට පත්වනු ඇතැයි අපේ්ක්ෂිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා