න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට එරෙහිඋද්ඝෝෂණයට ඉන්දීය පොලිසිය වෙඩි තබයි

න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට එරෙහිඋද්ඝෝෂණයට ඉන්දීය පොලිසිය වෙඩි තබයි

යෝජිත න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමකට එරෙහි ව පැවති උද්ඝෝෂණයකට එක්ව සිටි සිය ගණනක පිරිසක් වෙත ඉන්දීය පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි අගනුවරින් කි. මී. 250ක් දුර ජායිටාපූර් හිදී පෙරේදා ඇති වූ මේ සිද්ධියේ දී උද්ඝෝෂක පිරිස පාලනය කිරීම සඳහා වෙඩිතැබීමේ විකල්පයට යොමුවීමට පොලිසියට සිදුව තිබේ. මුලදී ඔවුන් පාලනය කිරීමට වෙනත් ක්‍රමවේදයන් යොදාගත්ත ද ඒවා ඵල රහිත නොවුනේ බොහෝ අය නීතිය ඔවුන් අතට ගෙන කටයුතු කළ බැවිනැයි පොලිස් ප්‍රධානී ගියුලාබ්‍රාවෝ පෝල් කියා ඇත.

පළමුව කඳුළුගෑස් යොදා, පසුව උණරිටිවලින් පහරදුන්න ද උද්ඝෝෂකයන් විසිර නොගියෙන් රබර් උණ්ඩ යොදා වෙඩි තබන ලද බව ද ඔහු කීවේ ය. උද්ඝෝෂකයන් ගල්මුල්වලින් පහරදීමෙන් පොලිසියේ අටදෙනකු තුවාල ලබා ඇත. ඔවුන් ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට ගිනි තබා තිබේ. මෙහි දී 20 දෙනකු පොලිස් අත්අංඩංගුවට පත් වී ඇත. මෙම උද්ඝෝෂණයට 600 – 700 පමණ පිරිසක් සහභාගි වී ඇත. ඔවුන් සමහරකු සන්නද්ධව සිටි බව ද සඳහන් ය. ජපන් න්‍යෂ්ටික අර්බුදයෙන් පසු ජයිටාපූර්හි ඉදිකිරීමට යෝජිත මෙගවොට් 9900 ක ප්‍රතික්‍රියාකාරක හයකින්යුත් න්‍යෂ්ටික බලාගාරයට ජනතාවගෙන් දැඩි විරෝධයක් මතුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා