ඉරාක තෙල් ලබාගැනීමට බ්‍රිතාන්‍යය ලොව තෙල් සමාගම් සමඟ සකච්ඡා කරලා

ඉරාක තෙල් ලබාගැනීමට බ්‍රිතාන්‍යය ලොව තෙල් සමාගම් සමඟ සකච්ඡා කරලා

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කියයි

ඉරාක ආක්‍රමණය සඳහා එක්සත් ජනපදය සමඟ එක්වීමට පස් මාසයකට කලින්, බ්‍රිතාන්‍ය, ඉරාක තෙල් සම්පත් ලබාගැනීමේ සැලසුම් පිළිබඳ ලෝකයේ විශාලම තෙල් සමාගම් සමඟ සාකච්ඡා කර තිබෙන බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ඊයේ වාර්තා කළේය.

තොරතුරු ලබා ගැන්මේ නිදහස පිළිබඳ පනත යටතේ රචකයෙකු වන ග්‍රෙග් මියුටිට් විසින් කළ ඉල්ලීමට අනුව ලබාගත් ලියකියවිලි මේ බව සනාථ කිරීම සඳහා පුවත්පත විසින් උපුටා දක්වා තිබිණ. ප්‍රමුඛ තෙල් සමාගම් වන “බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්” හා “රෝයල් ඩච් ෂෙල්” සමඟ 2002 ඔක්තෝබරයේ හා නොවැම්බරයේ දී රාජ්‍ය නිලධාරීන් සාකච්ඡා වට පහක් පමණ පවත්වා ඇතැයි පුවත්පතේ දක්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා